රිටිගල බන්දා පොකුණ කැණීම් කටයුතු ඇරඹෙයි

රිටිගල බන්දා පොකුණ කැණීම් කටයුතු ආරම්භ කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන්  (20) ආරම්භ කෙරිණි.

ඒ සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ, අධ්‍යක්ෂ (සංවර්ධන) සුමේධා මාතොට, රිටිගල ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂ පූජ්‍ය ගොඩාමුණේ පඥ්ඥාසීහ ස්වාමින්වහන්සේ ඇතුළු පිරිසක් මේ සඳහා එක්වූහ.

මෙහි කැණීම් කටයුතු වසර හතරකින් කටයුතු අවසන් කිරීමට නියමිතය.

ඉපැරණි බන්දා පොකුණ ජෛව විද්‍යාත්මක වටිනාකමකින් හෙබි ස්වභාවික මෙන්ම පුරාවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක වටිනාකමින් යුත් රිටිගල පුරාවිද්‍යාත්මක රක්ෂිතයේ පිහිටා තිබේ.

උතුරු මැද පළාතේ පලුගස්වැව සහ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මායිම්ව පිහිටා ඇති රිටිගල පුරාවිද්‍යා භූමිය දඹුලු, සිගිරි පර්වත මෙන් වසර දහස් ගණනක් පුරා සිදුවූ භූමි ඛාදනයේ ප්‍රතිඵල මගින් නිර්මාණය වූවක් ලෙස සැලකේ.

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි Read Previous

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි

බෙහෙත් බොන්න හොර සීතාට ගැළපෙන්න ආ දන්ත කණ්ඩුල හෙයියන්තුඩුවේ රාමා වූ හැටි Read Next

බෙහෙත් බොන්න හොර සීතාට ගැළපෙන්න ආ දන්ත කණ්ඩුල හෙයියන්තුඩුවේ රාමා වූ හැටි

Realted Post

Leave a comment