Category : තනියගේ දිනපොත

පෙබරවාරි 05 ඉරිදා

ඊයේ නිදහස සැමරුවා. කන්නවත් නැති අපේ රටේ කෝටි ගණන් වියදම් කරලා මහා ඉහළින්. ඒක තමයි වල්බූරු නිදහස කියලා මට හිතෙන්නේ. අද අම්මලා කන්න නෑ කියලා දරුවොත් එක්ක දිවි නසා ගන්නවා. මෙහෙ නිදහස සමරනවා. ඇත්තටම මං මේ විගඩං ඩයරියේ හරි ලියලා හිත හදා ගන්නවා. තාත්ති පිටරටක රස්සාවක් කළේ නැත්නම් අපිටත් ඉන්න වෙන්නේ හාමතේ. කෝ අද කාලේ ජීවත් වෙන්න සල්ලි. සාමාන්‍ය විදියට ගත්තත් මගේ වෙඩිං එකටත් කොච්චර සල්ලි ගියාද?

ජනවාරි 29 ඉරිදා

ඊයේ වෙඩින් එකේදි හුඟාක් යාළුවෝ කිව්වේ මං ලස්සන වෙලා කියලා. කුසල් අකමැත්තෙන් වගේ ගියත් මගේ යාළුවන් එක්කයි එයාලාගේ හස්බන්ඩ්ලා එක්කයි මාර විදිහය පෑල් වෙලා. සුමුදු අද ජ්කක කරලා කිව්වෙත් එයාගේ හස්බන්ඩ් කුසල්ගේ නිහතමානීකම ගැන වර්ණනා කළාලු. අයෝමි කිව්වේ දැන් වෙඩින් එක දවසට වඩා කුසල් මහත්වෙලා ලස්සන වෙලාලු.

ජනවාරි 22 ඉරිදා

ඊයේ හවස මාරවිල ගිහින් අද හවස ගෙදර ආවා. අම්මටත් අපි දැකලම ලෙඩ සුව වෙලා වගේ. අපේ කාමරේ පුස් ගඳේ බෑ. මං එදා හොඳට අස්කරල අතුගාල ආවත් කාමරේ අතුගාලවත් නෑ. වහල දාල තිබුණු නිසා පාළු ගතියයි. නන්දනියි මායි කාමරේ ඇතුළෙ මොබ් කළා. මට මේ කාමරේ දාල යන්නත් දුකයි. ඒ තරමට අපි දෙන්න ඊයෙ රෑම ශුද්ධ කළානෙ.

ජනවාරි 15 ඉරිදා

අම්මා ගෙදර එක්කරගෙන ආවා. එයා කියනවා හිතට හරි සැහැල්ලුයි කියලා. එයාගේ අම්මා හරි නීතිලු. අපේ ගෙදරදී අවුලක් ඇති කර ගනී කියලා බය හිතුණලු. පවු මගේ කුසල්. අපි මාරවිිල එනකොට මෙහෙ ගෙදර බලාගත්ත නන්දනීල මිදුලවත් හරියට අතුගාලා නෑ. ගේට්ටුවෙන් කාර් එක ඇතුළු කළා විතරයි කුසල්ගේ අම්මාට නැති පණක් ඇවිත් වගේ කෑ ගහනවා.

ජනවාරි 08 ඉරිදා

අද කුසල් ගෙදර. උදේ 7.00 වෙනකල් නිදා ගත්තා. 7.30 ට කුස්සියට යනකොට කුසල්ගෙ අම්මා අපේ අම්මාට කියනවා “මෙන්න ගෘහිණියෝ වෙන්න හිතන අය නැගිටින වෙලාව” කියලා. අපේ අම්මා යාන්තමට හිනහ වුණා මිසක් මොකුත් කීවේ නෑ. ඒ අම්මා හිතනවා ඇති පුතා වැඩකාරියක් පුහුණු කරනවා කියලා. මගේ කුසල් නම් එහෙම නෑ. ඉස්සරහට අම්මාගේ පුතා වෙයිද කියලත් බයයි. ඒකයි මේක සටහන් කළේ.

ජනවාරි 01 දා ඉරිදා

තවත් අලුත් අවුරුද්දක්. මේ අවුරුද්දෙදි අපිට වෙනසක් වේවිද? කුසල්ගේ අම්මා තාම අපේ ගෙදර. එයා හැම තිස්සේම ගෙදර මතක් කරනවා. වෙලාවකට අපේ අම්මටයි මටයි වාතයක්. කුසල්ට කියන්නත් බෑ. මොනවා කරන්නද කුසල් විතරනේ ඔය හැමදේටම.

දෙසැම්බර් 25 ඉරිදා

අද නත්තල්. උදේම කුසල් සුබ නත්තලක් කියලා මගේ නළලට කිස් එකක් දෙනකොටයි මට නත්තල්ද කියලා මතක් වුණේ.

දෙසැම්බර් 18 ඉරිදා

අද උදේම කුසල් කිව්වා අම්ම බලන්න යමු කියලා. මට අපේ අම්මට ඒක කියන්නත් බය හිතුණා. නත්තලට මොනව හරි ගන්න යමු කියලත් එයා කිව්වා. ඒත් ඇාාසබට එකට කියලා ගත්ත අලුත් ඇඳුම් ගොඩක් තියෙන නිසා මට ියදචචසබට යන්නත් කම්මැළියි. උදේට කෑම කාල අපි මාරවිල ගියා. අපිත් එක්ක මල්ලිත් ආවා. එයාගෙ විභාගෙ ඉවරයිනෙ. දැන් පොඩි එකා හරි ජොලියෙන් ඉන්නවා.

දෙසැම්බර් 11 ඉරිදා

ඊයේ උදේම අම්මා එහා ගෙදර නන්දනීට අපිට දවල්ට උයලා දෙන්න කියලා තාත්ති එක්ක ලොකු මාමලගේ ගෙදර ගියා. අදත් නෑ. අද හවසට එනවා කියලා තාත්ති කිව්වේ. අම්මා කතා නෑ. අනේ මන්දා මට මොකක්ද වගේ මල්ලිත් අහනවා ඇයි අම්මලා ඊයේ ගෙදර ආවේ නැත්තේ කියලා. ඉස්සරත් අම්ම වසයිනේ. අපි මෙහෙ පදිංචියට ආව ගමන් මෙහෙම වුණාම කුසල්ටත් අවුල්. කුසල් ඇහැව්වා ඇයි අම්මාට කේන්ති ගියේ කියලා.

නොවැම්බර් 27 ඉරිදා

උදේ අපි මාරවිලෙන් පිටත් වුණේ උදේ 7.30 ට. අපෙන් වාහන හතරක් ආවා. කුසල්ගේ වාහනේ අපි දෙන්නා විතරයි. මට මෙහෙම යන්න තිබුණේ පුදුම ආසාවක්. අපේ වාහනේ අම්මත් එන්න හිටියට පුංචි අම්මා අපි දෙන්නට විතරක් ඒකේ යන්න කියලා එයාලගේ ජීප් එකට අම්මාව ගත්තා. චූටි පුංචි ටිකක් ආඩම්බර පාට වුණත් ඒවගේ දේවල් ගැන ගොඩක් හිතනවා.