උඳුවප් පුර පසළොස්වක අදයි

ක්‍රිස්තු පූර්ව 236 වැනි වර්ෂයේ උඳුවප් මස පුර පසළොස්වක් පොහෝ දිනයේදී දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවේ අනුරාධපුරයට වැඩම කරවීමත්, ශ්‍රී ලංකා ධරණී තලයෙහි භික්ෂූණී ශාසනය ආරම්භ වීමත් ලංකා ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිද්ධීන් වේ.

විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත්, සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේත් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවාගෙන ඒම සඳහා දේවානම්පියතිස්ස රජතුමා පවරන ලද්දේ තමන්ගේ බෑණනුවන් වූ අරිට්ඨ අමාත්‍යවරයා වෙතත්ය. අරිට්ඨ අමාත්‍යතුමා මහින්ද මහරහතන් වහන්සේගේ දේවානම්පියතිස්ස මහරජතුමාගේත් හසුන්පත රැගෙන වප් මස දෙවැනි දිනයේ දී දඹකොළපටුනෙන් පිටත්ව එක්දිනක් තුළ පැළලුප් නුවරට පැමිණියේ මිහිඳු මහරහතන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් බව මහවංශය සඳහන් කරයි.

උඳුවප් පුර පසළොස්වක  දිනයේ වැදගත්කම   

  • සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවද රැගෙන ලක්දිව දඹකොළ පටුනට පැමිණීම.

  • මුඟලන් තෙරුන් පිරිනිවන් පෑම.
  • සිරිපා වන්දනාව ආරම්භ කරන පොහොය වීම.

 

ඓතිහාසික කන්ද උඩරට සංග්‍රාමයට සූදානම් Read Previous

ඓතිහාසික කන්ද උඩරට සංග්‍රාමයට සූදානම්

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා. Read Next

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා.

Realted Post

Leave a comment