කෝටි 50ක වියදමින් ඉදිවු විශාල උමං විහාරය

මෙම මස 12 නවම් පොහෝදින සවස 04:30 ට බොහෝදෙනාගේ වන්දනාමාන සදහා නිරාරණය වන උමංදාව උමංවිහාරය සහිත සැතපෙන මෙතේ බුදුන් ප්‍රතිමාවෙහි තෙවන මහල ඊයේ විවෘත කරනු ලැබීය.

කෝටි 50ක වියදමින් ඉදිවු මෙම උමං පිලිම වහන්සේ ලොව විශාලතම උමං විහාරය බව සිරි සමන්තභද්‍ර ස්වාමින්ද්‍රයාන් වහන්සේ වදාළහ.

සිරි සමන්තභද්‍ර ස්වාමින්ද්‍රයාන් වහන්සේ විසින්  මීට දායක වූ සියලු පිරිස් මධ්‍යයේ අභිනවයෙන් පිළිරුව පින්තාරු කිරීම සිද්ධ කිරීමෙන් අනතුරුව උභතෝ මහා සංඝයා වහන්සේ ඇතුළු උමංදාව විශ්‍රාමික ගම්මානයේ නේවාසික පිරිස හා උමංදාව නවෝත්පාදන මධ්‍යස්ථානයේ ශ්‍රමික පිරිස විසින් ප්‍රතිමාව පින්තාරු කර තිබේ..

 එමෙන්ම එදින දහවල් 01:30 සිට 25,000 ක පිරිසකට ලබාදෙන දන්සල හා  පෙබරවාරි 24 දින සමන්තභද්‍ර ස්වාමින්ද්‍රයාන් වහන්සේගේ 50 වන ජන්මදිනය නිමිත්තෙන් සමාජ සත්කාර ඇතුළු වැඩසටහන රාශියක් උමංදාව භූමියේ සූදානම් වෙමින් පවතී.

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු Read Previous

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක් Read Next

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක්

Realted Post

Leave a comment