මියන්මාරයට රුපියල් මිලියන 45ක මුදලක්

මියන්මාර් ජනරජයේ ඇතිවු භූමි කම්පා තත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ මෙහෙයවීමෙන් දිවයින පුරා පිහිටි ශාසනාරක්ෂක මණ්ඩලවල සහභාගිත්වය සහිතව රැස් කරන ලද රුපියල් මිලියන 45ක මුදල් පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි මාලර් තන් ටයික් (Marlar Than Htaik) මහත්මිය වෙත අද (23) බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ශවනාගාරයේ දී පිරිනමනු ලැබීය.

එම අවස්ථාවට ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති පූජ්‍ය‍ මහාචාර්ය‍ තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමිපාණන්වහන්සේ, වැඩබලන ලේඛකාධිකාරී පූජ්‍ය හාල්පන්විල පාලිත නාහිමිපාණන්වහන්සේ, උපලේකම් දුනුකේවත්තේ සීලවිමල නාහිමිපාණන්වහන්සේ, උප සභාපති තලගල සුමනරථන නාහිමිපාණන්වහන්සේ, සමස්ථ ලංකා දසසිල් සංවිධානයේ ප්‍රධාන සභාපති පොලොන්නරුවේ ධම්මානන්දා සිල්මෑනියන්, ලේකම් මුල්කිරිගල සීලප්‍රිය සිල්නියන්ගේ සහභාගීත්වයෙන් සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මැතිතුමා, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරී මහත්ම මහත්මීන් ද එක් විය.

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Previous

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක් Read Next

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක්

Realted Post

Leave a comment