ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය මිහිදන් කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ සන්ටා මරියා මජෝරේ බැසිලිකාවේ මිහිදන් කළ බව වතිකානය තහවුරු කර තිබෙනවා. 


පාස්කු සඳුදා දින ස්වර්ගස්ථ වූ 88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයේ කටයුතු වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේදී අවසන් වුණා. 

 අනතුරුව උන්වහන්සේගේ දේහය මිහිදන් කිරීම සඳහා රෝමයේ සාන්ත මේරි මේජර් බැසිලිකාව වෙත රැගෙන එනු ලැබුවා. 


ඩොනල්ඩ් ට්‍රම්ප් වොලොදිමීර් සෙලෙන්ස්කි සහ විලියම් කුමරු ඇතුළු රාජ්‍ය නායකයින් සහ සම්භාවනීය අමුත්තන් විශාල ගණනක් මෙන් ම ශෝකයට පත් ජනතාව 400,000ක් පමණ අවමංගල්‍ය උත්සවය දැක බලා ගැනීමට පැමිණ සිටියහ.


අවමංගල්‍ය උත්සවයට පෙර ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර සාන්ත පීතර බැසිලිකාව තුළ හමුවීමක් ද සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

සටහන - කසුනි විජේසිංහ

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Previous

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා. Read Next

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා.

Realted Post

Leave a comment