ජපානයේ පැවැත්වූ කඨින පුජෝත්සවය

ජපානයේ සුඛුබාහී ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ මෙවර පැවැත්වූ කඨින පූජෝත්සවය  13වන වරටත් පසුගියදා පැවැත්විණි. සර්ව දිවා පරිත්ත්‍රාන ධර්ම දේශනාව කින් සහ පහළොස් නමක භික්ෂූන් වහන්සේලාට වෑංජන 32ක් සමඟ සාංගික දානයක් සකස්කර පූජාකිරීමට ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ කටයුතුකර තිබේ. පෙරහරකින් වැඩමවාගෙන ආ කඨින චීවරය ගරුතර මහා සංඝ රත්නයට පූජා කිරීමෙන් අනතුරුව කඨින වීවරය ආචාර්ය තුන්හිටියාවේ ධම්මාලෝක නා හිමිට ගරුතර මහා සංඝරත්නය විසින් පවරන ලදි. ඉන් අනතුරුව කඨිනානිසංස ධර්ම දේශනය විහාරස්ථානයේ දී පවත්වා කඨින පූජෝත්සවය නිමාවට පත්කරන ලදි. සුඛුබාහී ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානය ආරම්භකර මේ වන විට වසර 13කි. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සහ ජපන් ජාතිකයන් රැසක් මේ අවස්ථාවට සහභාගි වී ඇත.

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Previous

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

එළවලු කැට සලාදය Read Next

එළවලු කැට සලාදය

Realted Post

Leave a comment