ජපානයේ පැවැත්වූ කඨින පුජෝත්සවය

ජපානයේ සුඛුබාහී ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ මෙවර පැවැත්වූ කඨින පූජෝත්සවය  13වන වරටත් පසුගියදා පැවැත්විණි. සර්ව දිවා පරිත්ත්‍රාන ධර්ම දේශනාව කින් සහ පහළොස් නමක භික්ෂූන් වහන්සේලාට වෑංජන 32ක් සමඟ සාංගික දානයක් සකස්කර පූජාකිරීමට ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ කටයුතුකර තිබේ. පෙරහරකින් වැඩමවාගෙන ආ කඨින චීවරය ගරුතර මහා සංඝ රත්නයට පූජා කිරීමෙන් අනතුරුව කඨින වීවරය ආචාර්ය තුන්හිටියාවේ ධම්මාලෝක නා හිමිට ගරුතර මහා සංඝරත්නය විසින් පවරන ලදි. ඉන් අනතුරුව කඨිනානිසංස ධර්ම දේශනය විහාරස්ථානයේ දී පවත්වා කඨින පූජෝත්සවය නිමාවට පත්කරන ලදි. සුඛුබාහී ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානය ආරම්භකර මේ වන විට වසර 13කි. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සහ ජපන් ජාතිකයන් රැසක් මේ අවස්ථාවට සහභාගි වී ඇත.

සත්තුන්ගේ බුද්ධිය ගැන ලෝකයම දරපු මතය වෙනස් කරපු අපූරු ගිරවෙක් තමයි ’’ඇලෙක්ස්’’ Read Previous

සත්තුන්ගේ බුද්ධිය ගැන ලෝකයම දරපු මතය වෙනස් කරපු අපූරු ගිරවෙක් තමයි ’’ඇලෙක්ස්’’

වයසට යන එක අඩු කරගන්න මේ එළවළු පලතුරු කන්න... Read Next

වයසට යන එක අඩු කරගන්න මේ එළවළු පලතුරු කන්න...

Realted Post

Leave a comment