වව්නියාවෙ කැළයක් මැද පිහිටි අරණ්‍ය සේනාසනයේ උපෝසථඝරයෙහි කෑණීම් ආරම්භ වෙයි

උතුරු පළාතේ වව්නියා දිස්ත්‍රික්කයේ බෝගස්වැව, ඓතිහාසික සපුමල්ගස්කඩ රජමහා විහාරය දුටුවන්ගේ නෙත සිත ගත අධ්‍යාත්මික බැවින් මෝහනය කරවන පුද බිමක්. 

අක්කර 50කට වැඩි ප්‍රමාණයකට පුරා වස්තු විසිරි ඇති බවට පුරාවිද්‍යා දෙපර්තම්නේතුව නිර්ණය කරලා. ඝන කැළයකින් වට වී ස්වභාවධර්මයේ කථිකාව අපූරුවට කියා දෙන සපුමල්ගස්කඩ ලෙස මෑතක සිට හඳුන්වන මේ විහාර නටබුන් පිහිටා ඇත්තේ පෙරියකට්ටිකුලම් වන රක්ෂිතයේ.

 පලු, වීර, කළුවර, තිඹිරි, කෝන් ආදී ගසින් පිරි ඝන කැලෑවක් මැද සුන්දර වටපිටාවක පිහිටි විහාරය ක්‍රිස්තු වර්ෂ 4 වැනි සියවසේ දී දළදාව වැඩම කරන විට මෙම විහාරයේ ද නැවතී සිටින්නට ඇතැයි විශ්වාසයක් ද තිබෙනවා. අනුරාධපුර දක්වා වැඩම කිරීමේ දී රුවන් මඩුව, මාමුඩුව මල් මඩුව, මඩුකන්ද දළදා විහාරය ආදී තැන් ගැන ජනප්‍රවාදවල සඳහන් වනවා.. උතුරුපළාත් ප්‍රධාන සංඝනායක, සපුමල්ගස්කඩ රජමහා විහාරයේ සහ කුරුන්දි විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද ගල්ගමුවේ සන්තබෝධි හිමියන්ගේ උපදෙස් මත මේ වන විට  විහාරස්ථානය ගොඩ නැගෙමින් තිබෙන අතර කැණීම්  කටයුතුද දිගටම සිදු වේ..  

නටඹුන් රාශියකින් යුක්තව විරාජමාන වන මෙම අති රමණිය පුදබිමට ඔබට ඕනෑම වෙලාවක යන්න පුලුවන්. කොළඹ සිට යනවා නම් පැය 6ක 7ක පමණ කාලයක් වැය වන බැවින් කාලවේලාව ඔබට ගැලපෙන ලෙස සුදුසු පරිදි සකස් කරගෙන වරක් හෝ යා හැකිනම් ඔබට මේ පුදබිම ඔබේ ජිවිතයේ අමරණිය විහාරස්ථානයක් වනු නොඅනුමානයි. 

අප විසින් විටින් විට මෙම විහාරස්ථානය සම්බදයෙන් ඔබ දැනුවත් කළ අතර වැඩි විස්තර ඔබට අපගෙ විඩියෝ පඨවලින් ද නැරඹීමට හැකියි. 

වවුනියා සපුමල්ගස්කඩ විහාරයේ උපෝසථඝරයෙහි කෑණීම් ආරම්භ වූ අයුරු යි මේ මෙම කැණීම් කටයුතු රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම අඹන්වල මහත්මාගේ මූලිකත්වයෙනි. එමෙන්ම විශ්ව විද්‍යාල සිසුන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදුකරනු ඇති.

අම්මලා හරි ආසයි දුව ක්‍රවුන් එකක් ගන්නවාට. එත් තරඟවලට යවන්න බයයි. Read Previous

අම්මලා හරි ආසයි දුව ක්‍රවුන් එකක් ගන්නවාට. එත් තරඟවලට යවන්න බයයි.

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න Read Next

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න

Realted Post

Leave a comment