ඔබ ඔබට තරම් වටින්නේ කාටද?

සොබා දහම විසින් අපට මොන තරම් දේවල් ලබා දී තිබේද? මිනිසෙකු ලෙස ජීවත් වන්නට ඇස කන නාසය දිව ශරීරය කෙතරම් ලස්සනට සකස්වී තිබේද? මෙයයි අප ලද ලොකුම දායාදය. ඒ සියල්ල කිසිදු අඩුවකින් තොරව සොබාදහම අපට ලබා දී තිබේ. එහෙන් අපි ඒ අංගයන් පාපී ක්‍රියාවන්ගෙන් විනාශ කරන්නේ ඇයි ? මේ වටිනා ජිවිතයට කිසිසේත්ම කලකිරීම්, එපාවීම් වැනි ආකල්ප එක්කරගත යුතු නැත. මේ තරම් වටිනා ජීවිතයක් නිකරුණේ විනාශ වී යන්නට ඉඩ නොහරින්න. මොහොතක් සිතන්න. අපිට වඩා අසරණ අය කී දාහක් ජීවත් වෙන්නට කෙතරම් වෙහෙස වෙනවද?

ඇතැම් අයගේ ඇස් පේන්නෙ නැහැ. සමහර අයගෙ අතපය නැහැ. ඒ අය ඔවුන්ගේ ජීවිත ගැට ගසා ගන්නට කොපමණ වෙහෙසක් දරනවාද? ඒ අය කොහොම හරි ජිවිතයට මුහුණ දෙනවා. ඇස් නොපෙනෙන කෙනෙක්ට ඇස් දෙකක වටිනාකම මොන තරම්ද? ඒ නිසා ඔබ ඔබේ ජීවිතය ගැන සුළුවෙන් හිතිය යුතු නැහැ. ස්වභාව ධර්මය ලස්සනට මවපු මේ ජිවිතේ අපි විසින්ම නිකරුණේ විනාශ කරගත යුතු නැහැ? මේ ජීවිතෙට දෙන්න පුළුවන් ලොකුම වටිනාකම දෙන්න පුළුවන් වෙන්නෙ බාහිර ලෝකයාට නෙවේ. එය දෙන්නට හැකි වන්නේ තමන්ටමයි.

මිනිස්සු මාව ගණන් ගන්නෙ නෑ. මිනිස්සුන්ට තමන්ව වටින්නෙ නෑ කියල, කෙනෙක්ට හිතෙන්නේ තමන්ට තමන් ගැන වටිනාකමක් නොදැනෙන නිසයි. ඉතින් අපි බුද්ධිමත් වෙමු. අපේ ජීවිතේ නිවැරදිව පෙළගස්සමු. 

දෙමාපියෝ වැඩිහිටියෝ මොන විදියට ඔවුන්ගේ ජිවිතෙ වරද්දගත්තත්, අපි අපේ ජීවිතය ම අලුතෙන් ගොඩ නගමු. නෑදෑයෝ සහෝදරයෝ, අසල්වැසියෝ, ඔබව නොසලකා හරිනවනම් ඔබ ඔබව නොසලකා හරින්න එපා. ඔබ ඔබට සලකන්න. මැනවින් ගොඩ නැගෙන්නට ඔබ ඔබට අත දෙන්න. ඒ තුළින් ඔබට ජයටැඹක් වෙත යා හැකිය. ජීවිතයෙ යථාර්තය තේරුම්ගත් හිත්වලට තියෙනව ලොකු පිළිගැනීමක්. සමාජය කොහොම බැලුවත් ඒ පිළිගැනීම තුළ අපි නිවැරදිව ජිවත් වෙමු.


අදහස් දැක්වීම රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී පූජ්‍ය මැදිරිගිරියේ සෝමානන්ද හිමි 

සටහන - ඉසංකා ජයසූරිය

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක් Read Previous

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක්

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Next

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

Realted Post

Leave a comment