සෙංකඩගල වෙසක් සැමරුම් කිහිපයක්

සෙංකඩගල වෙසක් සැමරුම හා සමගාමීව අව්කන බුද්ධ ප්‍රතිමා අනුරුවක්

සෙංකඩගල වෙසක් සැමරුමේ ගැටඹේ වෙසක් කලාපය ඒකාලෝක කරමින් මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අව්කන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුවක් එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී නිර්මාණය කර ප්‍රදර්ශනය කිරීම (23) සිදු විය. එම අනුරුව ජනතාව සදහා විවෘත කිරීමේ අවස්ථාව සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා සහභාගී විය

දැහැමි කිරුළ වෙසක් බැති ගී සරණිය මහනුවරදී

කිරුළ පදනම මගින් සංවිධානය කළ දැහැමි කිරුළ වෙසක් බැති ගී සරණිය මහනුවර සහස් උයන පරිශ්‍රයේදී (24) පැවැති අතර, එම බැති ගී සරණියේ ආරම්භක අවස්ථාව සදහා  මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා සහ කිරුළ පදනමේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන් ද එක් ව සිටියේය.

සංහිදියාවට ආදර්ශයක් වෙමින් මහනුවර සුදුහුම්පොල වෙසක් කළාපයට සියලු ආගම්වලින් වෙසක් සැරසිලි

සෙංකඩගල වෙසක් උදානය වෙසක් වැඩසටහනට සමගාමිව ,‍  සුදුහුම්පොල වෙසක් කළාපය සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානු සියලු ආගම් එක් ව සහෝදරත්වයෙන් සංවිධානය කරන ලද වෙසක් සැරසිළි සහ බොදු බැති ගී සරණය ඵෙතිහාසික සුදුහුම්පල රජමහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය හගුරන්කෙත ධම්මරක්ඛිත ස්වාමීන්වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ  (24) පැවැති අතර,  එහි ආරම්භක අවස්ථාව  සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර  නීතිඥ ලලිත් යු ගමගේ  මහතා ද එක් විය.

වෙසක් පොහෝ දින මහමායාවෙන් මල් දන්සලක්

වෙසක් පුන් පොහෝ දිනයේ(23) මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ බාලදක්ෂ සංගමයේ  දරුවන් විසින් සංවිධානය කරන ලද මල් දන්සලක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසල පිහිටි පොත්ගුල් විහාරය අබියස දී පැවැත් වු අතර, එහි ආරම්භක අවස්ථාව සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර  නීතිඥ ලලිත් යු ගමගේ  මහතා ද එක්විය.

ශ්‍රී දළදා මාලිගාවේ පූජා භූමි බුදුණු සහණ සංසද ආරක්ෂක කමිටුව මගින් සංවිධානය කළ බොදු බැති ගී සරණිය මහනුවර දේව වීදියේ පැරණි ලක්සල පරිශ්‍රයේදී (23) පැවති අතර,   එම බැති ගී සරණියේ ආරම්භක අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ද එක් ව සිටි අතර, මෙහිදී පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ මහනුවර බාලදක්ෂ සංගමයේ සිසු දරු දැරියන් විසින් බොදු බැති ගී ගායනා ඉදිරිපත් කිරීම සිදුවිය.
 පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුලු විශාල පිරිසක් මෙම බැති ගී සරණය රස විදීම සදහා එක් ව සිටියේය.

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි  Read Previous

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි 

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි. Read Next

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි.

Realted Post

Leave a comment