ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
අපේ සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක (Mariazelle Goonetilleke) මහත්මිය මිය යන විට ඇය 68 වන වියෙහි පසුවූවාය.
දිගු කලක් පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය, 10වනදා අලුයම මෙලොවින් සමුගෙන ඇත.
වයස අවුරුදු 7 දී සංගීත ක්ෂේත්‍රයට පිවිසි මරියසෙල් මහත්මිය, බයිලා, බටහිර පොප් මෙන්ම සම්භාව්‍ය සිංහල සංගීත ක්ෂේත්‍රය තුළද එකලෙස දක්ෂතා දැක්වූ විශිෂ්ට කලාකාරිනියකි.
භාෂා කිහිපයක්ම එනම් ඉංග්‍රීසි, දෙමළ සහ හින්දි භාෂාවලින් ද ගීත ගායනා කිරීමේ සුවිශේෂී හැකියාවකින් යුක්ත වූ ඇය කැන්ඩි ලැමිස්සි, යොවුන් සිහින ලෝකේ, "කුමාරණෙනි", "ආදරේ ඔබ මා හට ඇතිදා, ලෙස ගෙන ආ ගීත සදා අමරණීය වේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය සහ දින වකවානු ඉදිරියේදී පවුලේ ඥාතීන් විසින් නිවේදනය කිරීමට නියමිතය.

Leave a comment