මාලනියගේ අවසන් රංගනය රැගත් ’’ මොණර විලක් ’’ තිරයට එක්වෙයි.
මෙරට සිනමා ක්ෂේත්‍රයේ නිළි රැජිණ ලෙස කිරුළු පැළඳි , අග්‍රගණ්‍ය සිනමා නිළි මාලනී ෆොන්සේකා රංගනයෙන් දායක වූ අවසන් රංගනය රැගත් මොණර විලක් චිත්‍රපටිය එළැඹෙන ජූලි 24 වන දින සිට එම්.පී.අයි. ප්‍රදර්ශන මණ්ඩලයේ බෙදා හැරීමක් ලෙසින් දිවයින පුරා තිරගතවීමට නියමිතව ඇත. මෙහි ඇති විශේෂතා කිහිපයකි. සනත් ගුණතිලක සමගින් මාලිනී ෆොන්සේකා එක්ව රඟපෑ අවසන් චිත්‍රපටය මෙන්ම, ආචාර්ය වික්ටර් රත්නායක සමගින් කලාශූරී ලතා වල්පොල එක්ව ගී ගැයූ අවසන් චිත්‍රපටියද මෙය වෙනු ඇත. එසේම අකාලයේ අප අතරින් සමුගත් චරිතාංග නළු දර්ශන් ධර්මරාජ් රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපට කිහිපය අතරින් ද එකකි .මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ, ආචාර්ය වික්ටර් රත්නායක ගී තනු නිර්මාණය කරමින්, සංගීතය සපයමින් ගීත ගායනයේ නිරත වන අවසාන චිත්‍රපටයද මෙය වීමයි.
යොවුන් නිර්මාණකරුවෙකු වූයේ රසික ලියනගේ තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කළ කුළුඳුල් සිනමා නිර්මාණය වූ මොණර විලක් සනත් ගුණතිලක , මාලනී ෆොන්සේකා , දර්ශන් ධර්මරාජ් සමගින් රොෂාන් රණවන, වසන්ත කුමාරවිල, උමයංගනා වික්‍රමසිංහ, වීණා ජයකොඩි, දයාන් විතාරණ, ගයනා සුදර්ශනී ,චන්දන එදිරිසිංහ, ජීව්‍යා හංසනී, සෝමපාල ලීලානන්ද ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායකව ඇත. කැමරා අධ්‍යක්ෂණයෙන් ජනක චමින්ද අත්තනායක ,ශබ්ද සැලසුම්කරණයෙන් ඩිරාන් ජයසිංහ, සංස්කරණය සහ වර්ණ සංකලනයෙන් මේඝ කොළඹගේ , නිෂ්පාදන කලමනාකරණයෙන් මහේෂ් නිමන්ත, අංග රචනය සහ කොන්ඩා මෝස්තර නිර්මාණයෙන් සෑම් පෙරේරා සමඟින් මනෝජ් ලක්සිරි, කලා අධ්‍යක්ෂණයෙන් සහ ඇදුම් නිර්මාණයෙන් බන්දුල වීරසේකර, සහය අධ්‍යක්ෂණයෙන් චන්දන එදිරිසිංහ, සටන් අධ්‍යක්ෂණයෙන් වසන්ත කුමාරවිල, ගීත සංගීත අධ්‍යක්‍ෂණය සහ ගී තනු නිර්මාණයෙන් ආචාර්ය වික්ටර් රත්නායක, පසුබිම් සංගීතයෙන් සරත් වික්‍රම සමගින් ඩිරාන් විජේසිංහ , පසුබිම් ගායනයෙන් ආචාර්ය වික්ටර් රත්නායක, කලාශූරී ලතා වල්පොල, ඉෂාක් බෙග්, චමින්ද වල්පොල, ප්‍රීතිශා වල්පොල සහ සහන් ගුණවර්ධන එක්වී ඇති මොණර විලක් ලලන්ත ගුණවර්ධන සමගින් හර්ෂණ ජයතිලක එක්ව නිෂ්පාදනය කර ඇත.

Leave a comment