අඳුරු ලප ඉවත් කරන ගස්ලබු

ඔබේ මුහුණෙත් කුරුලෑ නොවන එවැනි ලප කැළැල් තියෙනවාද එය ඔබට මානසික වධයක්ද ඒ වගේම බාහිර රූපයටත් එය අවලස්සනක් එකතු කරනවා නේද එහෙනම් මෙන්න ඒ සඳහා නිවසේදීම ඔබට කළ හැකි පුංචි අත් ප්‍රතිකාර කිහිපයක්.

  • හොඳින් ඉදුනු ගස්ලබු තේ හැඳි දෙකක් , මී පැණි තේ හැඳි දෙකක් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි දහයක් තබා මද උණුසුම් වතුරෙන් සෝදා හැර හොඳින් තෙත මාත්තු කර මොයිසරයිසර් ආලේප කරන්න.
  • ඉඳුණු ගස්ලබු තේ හැඳි දෙකක් ,යෝගට් තේ හැඳි එකක් මිශ්‍ර කර මුහුණේ / බෙල්ලේ ආලේප කර විනාඩි දහයක් තබා මද උණුසුම් වතුරෙන් සෝදා ඉවත්කර තෙත මාත්තු කර මොයිසරයිසර් අලෙප කරන්න. 
  • ඉදුණු ගස්ලබු තේ හැඳි දෙකක් , කඩල පිටි තේ හැඳි එකක්, කෝමාරිකා යුෂ තේ හැඳි එකක් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි දහයක් තබා මඳ උණුසුම් වතුරෙන් සෝදා තෙත මාත්තු කර මොයිස රයිසර් ආලේප කරන්න. 

භාවිතයේදී සැලකිලිමත් වන්න,

මෙවැනි ආලේපන සතියකට දින දෙකක් පමණ භාවිත කිරීම ප්‍රමාණවත්ය. ඇස් සහ තොල් අවට ආලේප නොකරන්න. ආලේපනය භාවිත කිරීමෙන් පසු තද අව්වට සෘජුව නිරාවරණය වීමෙන් වළකින්න.

මෙම සත්කාර මඟින් මැරුණු සම ඉවත් කිරීමට, සම මෘදු කිරීමට, දීප්තිමත් පෙනුමක් ලබාදීමට සහ සමේ තෙතමනය පවත්වා ගැනීමට උපකාරී විය හැකිය. කෙසේ වෙතත්, ලප කැළැල් දිගින් දිගටම පවතින්නේ නම් හෝ වැඩිවන්නේ නම්, සුදුසු චර්ම රෝග විශේෂඥ උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසුය.

සටහන - මහේෂානි මීගහපොල.

උපදෙස් - රූපලාවණ්‍ය ශිල්පිනි වසන්තා සුදර්ශනී හේරත්. 

එල්නිනෝවලට මුහුණ දෙන්න වැඩක් Read Previous

එල්නිනෝවලට මුහුණ දෙන්න වැඩක්

වෙනස් විදියකට පෙර අච්චාරු Read Next

වෙනස් විදියකට පෙර අච්චාරු

Realted Post

Leave a comment