තක්කාලි වලින් රූ සත්කාර
තක්කාලි කියන්නේ පලතුරක්. හැබැයි බොහෝ දෙනා ආහාරය රසවත් කරගන්න එළවළුවක් ලෙස තමයි මෙය භාවිත කරන්නේ. නමුත් අද කියන්න නම් කෑමෙන් වගේම රුවට කළ හැකි සත්කාර කිහිපයක් ගැනයි.
කෑමෙන් ලැබෙන ගුණ.
විටමින් බහුල රසවත් පලතුරක් වන මෙය විටමින් තන්තු ප්‍රතිඔක්සිකාරක ගුණය වැනි ගුණ රැසක් මෙන් ලැබෙනවා.
ගුණ රැකදෙන කෑමට ගන්න විදිහ.
පලතුරක් ලෙස ආහාරයට ගැනීමෙන් සමේ තරුණ බව රැක ගැනීමට පුළුවන්. ඒ වගේම ඔලිව් තෙල් හෝ පොල්තෙල් ස්වල්පයක් එකතුකර මඳ ගින්දරේ තක්කාලි පිස ගෙන ආහාරයට එකතු කරගන්න පුළුවන්. එතැනදී තක්කාලි පිසීමේදී ඇට, පොතු ඉවත් කරන්න එපා. පොතු වල තන්තු හා ඇටවල ගුණ සිරුරට අවශ්‍යයි.
කොතරම් ගුණ වුවත් නිතර ආහාරයට ගැනීම සුදුසු නොවෙයි. සතියකට වරක් ආහාරයට ගැනීම හිතකරයි. නමුත් සමේ රෝග, මුඛ තුවාල, අධික බඩේ ලෙස දැවිල්ල, වකුගඩු රෝග, මූත්‍රාශයේ / පිත්තාශ ගල් පවතී නම් වෛද්‍ය උපදෙස් මත තක්කාලි භාවිත කරන්න.
බාහිර සත්කාර. සම පිරිසුදු කර ගැනීමට.
තක්කාලි යුෂ තේ හැන්දක් හාල් පිටි තේ හැලි භාගයක් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි විස්සක් පමණ තබා රවුම් අයුරට අතුල්වා ද උණුසුම් වතුරෙන් ඉවත් කරන්න මෙය සතියකට වරක් කිරීම ප්‍රමාණවත්.
ටෝනර් එකක්.
තක්කාල යුෂ තේ හැදි කාලක් රෝස වතුර තේ හැදි තුනක් මිශ්‍ර කර පුළුන් කැබැල්ලකින් පිරිසුදු කරගත් මුහුණේ ආලේප කරන්න.
ක්ලේන්සර්.
තක්කාලි යුෂ තේ හැඳි භාගයක් මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර සමෙ ආලේප කර විනාඩි පහක් පමණ තබා සෝදාහරින්න .මේ සතියකට වරක් සිදු කරන්න.
පැක් එකක්.
කඩල පිටි ස්වල්පයක් තක්කාලි යුෂ ස්වල්පයක් එකතු කර විනාඩි දහයක් තබා මඳ උණුසුම් වතුරෙන් සෝදාහරින්න. මෙය සතියකට වරක් සිදු කරන්න.
මුළු සිරුරම පිරිසුදු කරගැනීමට.
ඉතා සියුම්ව අඹරාගත් ඕටිස් පිටි මේස හැඳි තුනකට කෝමාරිකා යුෂ මේස හැන්දක් හා තක්කාලි ඉස්ම මේසෙ හැන්දි එකක් එකතුකර ආලේප කර සමෙ විනාඩි දහයක් තබා මද උණුසුම් වතුරෙන් ඉවත් කරන්න. මෙයත් සතියකට වරක් සිදු කිරීම ප්‍රමාණවත්.
කොණ්ඩයට. conditioner එකක් ලෙස.
කෝමාරිකා ඉස්ම මේස හැඳි තුනක් තක්කාලි ඉස්ම මෙස හැන්දක් දමා හොඳින් හිස්කබලේ හිස කෙස් වල ආලේප කර සම්බාහනය කර විනාඩි පහක් පමණ තබා සෝදා හරින්න. සතියකට වරක් සිදු කරන්න .
කොතරම් ගුණ වුවත් නුසුදුසු අය ඉන්නවා.
කුෂ්ට රෝග ,සමහි ආසාදන තිබෙන අය භාවිත නොකළ යුතුයි.
සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - ආයුර්වේද වෛද්‍ය, ආනන්දි දින මිත්‍ර ආරච්චි.

Leave a comment