සමේ රැලි අඩුකරන වට්ටක්කා

වට්ටක්කා කිව්වහම අපේ මතකයට එන්නේ රසවත් ගුණවත් එළවළුවක්. නමුත් වට්ටක්කා කියන්නේ ඔබේ හිසේ සිට පාදාන්තය දක්වා පෝෂණය කර අපූරු ස්වභාවික ලස්සනක් එක් කරගත හැකි පහසුවෙන්ම සොයා ගත හැකි එළවළු වර්ගයක්. 

වට්ටක්කා වල ඇති පොදු ගුණ. 
මෙහි අඩංගු ස්වභාවික එන්සයිම බීටා කැරොටින්, විටමින් සී / ඊ, සින්ක්, ප්‍රතිඔක්සිකාරක ගුණය වැනි පෝෂණ ගුණයෙන් ඉහළ අඩු කැළරි ප්‍රමාණයක් සහිත එළවළුවක් වන අතර මෙය   සමට ක්ෂණික ස්වභාවික දීප්තියක් එකතු කර නිරෝගී බවක් ලබාදී තාරුණ්‍යය ලබා දීම වැනි බොහෝ රූපලාවන්‍ය ප්‍රතිලාභ ද අත්කර දෙන්නකි. 

වට්ටක්කා වලින් කළ හැකි බාහිර රූපලාවන්‍ය සත්කාර. 

මුහුණට. පැහැපත් දීප්තිමත් සමකට. 
හොඳින් තම්මා පොඩි කරගත් වට්ටක්කා තේ හැන්දකට මීකිරි හෝ යෝගට් තේ හැන්දක්  , හාල් පිටි ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කර රාත්‍රී නින්දට පෙර මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා මුදෘව සම්භාහනය කර සෝදා හරින්න. දිනපතා සිදුකිරීම සුදුසුයි. 

ලප කැළැල් ඉවත් කිරීමට. 
කෝපි කුඩු තේ හැඳි භාගයක්, දුඹුරු සීනි ස්වල්පයක් එකතු කර සවස් කාලයේ මුහුණේ ආලේප කර රවුම් ආකාරයට මුදෘව අතුල්ලා සෝදාහරින්න. මෙය සතියකට දෙවතාවක් කරන්න. 

සම රැලි වැටීම පාලනයට. 
වට්ටක්කා තම්බා හොඳින් පොඩි කරගත් මේස හැන්දක්, විටමින් ඊ කරලක තෙල්, කස්තුරි කහ ස්වල්පයක් එකට එකතු කර මුහුණේ ,ගෙලේ ආලේප කර විනාඩි පහළොවක් තබා සෝදා හරින්න. සතියකට දෙවතාවක් රාත්‍රී කාලයේදී සිදු කරන්න. 

සමට. බොඩ් ස්ක්‍රබ්.

තම්බාගත් වට්ටක්කා කෝප්ප භාගයක්,  රළු ලෙස කොටාගත් ඕට්ස් කෝප්ප භාගයක්, පොල්තෙල් මේස හැඳි දෙකක්, සීනි මේස හැන්දක් මිශ්‍ර කර ස්නානයට පෙර ආලේප  කර මුර්දු ලෙස ස්ක්‍රබ් කර ස්නානය කරන්න. සේදුම්කාරක භාවිතය එපා.

සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - ආයුර්වේද වෛද්‍ය ඉමාෂා උඩවත්ත. 

තරුණියගේ රහස් ප්‍රදේශයේ ලප සොයා ස්පර්ශ කළ බුද්ධි අංශ සැරයන්ට වුණ දේ Read Previous

තරුණියගේ රහස් ප්‍රදේශයේ ලප සොයා ස්පර්ශ කළ බුද්ධි අංශ සැරයන්ට වුණ දේ

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් හිංසනයට ලක් කළොත් දැඩි දඬුවම් Read Next

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් හිංසනයට ලක් කළොත් දැඩි දඬුවම්

Realted Post

Leave a comment