හැඩැති මුහුණකට මේවා අතහරින්න

ලස්සන, හැඩැති මුහුණක් බොහෝ කාන්තාවන්ගේ සිහිනයකි. මුහුණේ බර වැඩි වීම, විශේෂයෙන්ම ඩබල් චින් ඇති වීම නිසා පෙනුම වෙනස් වීමත්, වයසට වඩා වැඩි වයසක් පෙනීමත් බොහෝ දෙනාට ගැටලුවක් වී තිබේ. මුහුණ කෙට්ටු කර ගැනීම මෙන්ම එම පෙනුම දිගුකාලීනව පවත්වා ගැනීමද අභියෝගයකි.

මේ පිළිබඳව 2024 ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ දෙවන ස්ථානය දිනාගත් ඉෂාදි අමන්දා සමඟ කතාව විත් අශ් සමඟ වැඩසටහනේදී කළ සංවාදයේදී ඇය සිය අත්දැකීම් බෙදා ගත්තාය.

"සීනි නතර කළාම මුහුණ කෙට්ටු වෙනවා. මට නම් සීනි කියන්නේ ඩ්‍රග් එකක් වගේ. ඒක අත්හැරීම ලොකු කැපකිරීමක්. හරිම අමාරුවෙන් තමයි නතර කළේ. තරගයට යන්න මාස හයකට කලින් සම්පූර්ණයෙන්ම සීනි අත්හැරියා. සීනි අඩංගු කිසිම ආහාරයක් ගත්තේ නැහැ. බත් පවා මාස තුනක් කෑවේ නැහැ. මම අවුරුදු 12ක් තිස්සේ නිර්මාංශිකයෙක්. ඒ වගේම නර්තනයත් කළා. ඒකෙන් ශරීරය හොඳ හැඩයක තියාගන්න පුළුවන්," යැයි ඇය පැවසුවාය.

අනාගත බලාපොරොත්තු පිළිබඳ අදහස් දක්වමින් ඉෂාදි කියා සිටියේ, "මම රඟපාන්න කැමතියි. හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම භාර ගන්නවා. ඒ වගේම හොඳ රූ රැජිණක් ශ්‍රී ලංකාවට බිහිකරන්න මට පුළුවන් උපරිම දායකත්වය ලබා දෙනවා," යනුවෙනි.

කාන්තාවන් වෙත පණිවිඩයක් එක් කරමින් ඇය පැවසුවේ, "විශේෂයෙන්ම කාන්තාවන්ට තමන්ගේම කියලා දෙයක් තිබිය යුතුයි. තමන්ගේ හැකියාවෙන් යමක් ගොඩනඟා ගන්න. එය ඔබට පමණක් නොව ඔබේ පවුලටත් ආඩම්බරයක් සහ වටිනාකමක් ගෙන දෙන දෙයක්," බවයි.

අශන්ති වරුණසූරිය

සල්මන් ඛාන්ට මොකද වුණේ? What has happened to Bhai? Read Previous

සල්මන් ඛාන්ට මොකද වුණේ? What has happened to Bhai?

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026 Read Next

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026

Realted Post

Leave a comment