ලස්සන වෙන්න ආස අයට සැවැන්දරා

සැවැන්දරා යනු ආයුර්වේදය වගේම රූපලාවන්‍ය සත්කාර බොහොමයක් ගත හැකි වටිනා ඖෂධයකි. මෙවර කතා කරන්නේ සැවැන්දරා වලින් ඔබේ රූපය තවත් ඔප් නංවා ගන්නා අයුරු පිළිබඳවයි. 


සැවැන්දරා වල ගුණ

සැවැන්දරා කියන්නේ සිරුර සිසිල් කරවන , සිරුරේ දැවිල්ල නසන, මූත්‍රා රෝග වලට ගුණදායක, සිරුර ඇතිවන අධික දහදිය දැමීම වළක්වා  දුර්ගන්ධය වළක්වන, මානසික සුවය ලබාදෙන, රුධිරය පිරිසුදු කරවන, ගෑස්ට්‍රයිටිස් රෝගයට සුවදායක වගේම මෙමගින් කුරුලෑ නසයි, තුවාල සුව කරයි ,සම දීප්තිය වඩවයි ,හිස කෙස් නිරෝගි කරවයි. මෙවැනි ගුණ රැසක් ලබාදෙන බැවින් දේශීය වෛද්‍ය විද්‍යාවේ වගේම රූපලාවන්‍ය නිෂ්පාදන සත්කාර අතර  වටිනාකමකින් යුත් ශාක වර්ගයකි.

එවැනි රූපලාවන්‍ය ගුණ රැසක් එකතු කර මේ වන විට වෙළඳපළ තුළ සබන් ,සුවඳ විලවුන්, තෙල් නිෂ්පාදන වැනි රෑ නිෂ්පාදන සඳහා බොහොමයක් යොදා ගන්නා ස්වභාවික අමුද්‍රව්‍යයකි. 

සැවැන්දරා අභ්‍යන්තරව භාවිතයට ගත හැකි ක්‍රම 

සැවැන්දරා පානය. 

මේ පානය කිරීමේදී සිරුර ඇතුළත සිසිල් කර, රුධිරය පිරිසුදු වීමෙන් සම හිසකෙස් නිරෝගී කර ,සිරුරේ අපද්‍රව්‍ය ඉවත් කිරීමෙන් තාරුණ්‍ය රැකදී දීප්තිමත් පැහැපත් බවක් සමට ඇති කරවයි. 

අපි දැන් බලමු මෙම පානය හදාගන්නේ කෙලෙසද කියල. 

සැවැන්දරා මුල් හොඳින් සෝදා මැටි භාජනයකට දමා එයට ඇල් වතුර අවශ්‍ය ප්‍රමාණයට  දමා රැයක් පෙඟෙන්න තබා පසුදින උදෑසන පෙරා මද ගින්දරේ තම්බා පානයට ගන්න. 


බාහිර රූ සත්කාර. 

  • සිරුරේ අධික දුගන්ධය නැසීමට. 
  • සැවැන්දරා මුල් තම්බාගත් වතුරෙන් ස්නානය කරන්න. 
  • අකළට සම රැලි වැටීම ඉවත් කර ගැනීමට. 
  • සැවැන්දරා කුඩු ස්වල්පයක් ,මී පැණි බිංදු කිහිපයක් මිශ්‍ර කර මුහුණේ ගෙලෙහි ආලේප කරන්න. 
  • හිසකෙස් නිරෝගීව තබා ගැනීමට තෙලක්. 


පිරිසුදු පොල්තෙල් හෝ පිරිසුදු තල තෙල් ස්වල්පයකට සැවැන්දරා මුල් ස්වල්පයක් දමා එය මඳ ගින්දරේ රත්තර තරමක් නිවුණු පසු හිස්කබලේ හා හිස කෙස් වල ආලේප කර මුදෘව සම්බාහනයක් සිදු කරන්න.


සටහන
මහේෂානි මීගහපොල


උපදෙස්
ආයුර්වේද වෛද්‍ය 
ඉමාෂා උඩවත්ත.

ලස්සන රැකගන්න මනසත් රැකගන්න Read Previous

ලස්සන රැකගන්න මනසත් රැකගන්න

ලස්සන රැකගන්න මනසත් රැකගන්න Read Next

ලස්සන රැකගන්න මනසත් රැකගන්න

Realted Post

Leave a comment