කැලීන් හයවන මිලියනපති තෝරා ගැනේ

දිනපතා ලක්ෂයක් මාස්පතා ලක්ෂ දහයක්, කැලීන් මිලියනපති වැඩසටහනට සමගාමීව 30/05/2024 දින  හයවන මිලියන පති තෝරා ගැනීමේ වැඩසටහන ස්වර්ණ වාහිනී EAP මැදිරියේදී  ප්‍රවීණ නිවේදක කැළුම් විජේසුරිය මහතාගේ සුරතින් හොරණ දොඹගොඩ පදිංචි  R.මාලිකා විලාසිනි මහත්මිය එවන ලද Calin හිස් දවටන බහාලූ ලිපි කවරය තෝරා පත්කරගනු ලැබීය.  

එම අවස්ථාව සදහා කැලීන් සමාගමේ ජාතික අලෙවි කළමනාකරු වන සුදාරක චිරන්ත මහතා සහ පොලොන්නරුව  අළෙවි සූපරික්ෂක ලලිත් ජයරත්න මහතාද සහභාගී වූහ.

 මේ වන විට දිනපතා ලක්ෂ පතියන් 181 දෙනෙකු හා මාස්පතා දශලක්ෂ පතියන් හය දෙනෙකු සදහා මුදලින් ලක්ෂ දෙසීය  හතලිස් එකක් (ලක්ෂ 241ක්) මුදලක් කැලීන් සමාගම ඔවුන්ගේ පාරිභෝගිකයන් වෙනුවෙන් පිරිනමා ඇත. 

කැලීන් මිලියන පති වැඩසටහන මෙම වසරේ දෙසැම්බර් 31 දක්වා පවත්වනු ලැබේ. ඔබත් අදම කැලීන් සබන්  වැඩිපුර මිලදී ගෙන අදම මිලියන පතියෙකු වන්න.

දින හතරක මහ වැස්සක්, අවදානම් ගැන අවධානයෙන් ඉන්න Read Previous

දින හතරක මහ වැස්සක්, අවදානම් ගැන අවධානයෙන් ඉන්න

දළදා පෙරහැරේ නටන පුංචි සිඟිත්තෝ Read Next

දළදා පෙරහැරේ නටන පුංචි සිඟිත්තෝ

Realted Post

Leave a comment