ගුවන්තොටුපොල මගීන් සඳහා වැදගත් නිවේදනය.

රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපළ ප්‍රවේශ මාර්ග කිහිපයකට ගං වතුර බලපෑම් එල්ලව් ඇත. මේ හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය භාවිතා කරන ලෙස උපදෙස් දෙනු ලැබේ.

මීට අමතරව මෙම කාලය තුළ ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ තදබදය අවම කරගැනීම සඳහා, අමුත්තන් පර්යන්තයට ගෙන නොඑන ලෙස මගීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ඔබගේ සහයෝගය බෙහෙවින් අගය කරනු
ලබන අතර මෙම අවස්ථාවේ ඔබ සියලුම දෙනා ආරක්ෂිතව සහ වගකීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.

 ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ.

ඉහළ නිලධාරීන්ගේ නම් අත්සන් තබා මුදල් ගැරූ වංචනිකයන් දෙදෙනෙක් කොටු Read Previous

ඉහළ නිලධාරීන්ගේ නම් අත්සන් තබා මුදල් ගැරූ වංචනිකයන් දෙදෙනෙක් කොටු

Diabetasol සන්නාම තානාපති කලාශූරී චන්න විජේවර්ධන Read Next

Diabetasol සන්නාම තානාපති කලාශූරී චන්න විජේවර්ධන

Realted Post

Leave a comment