පුෂ්පිකා ද සිල්වා ස්වර්ණාභරණ ආයතනය විවෘත කරයි

හිටපු රූ රැජිනක් සහ ව්‍යවසායිකාවක් වන පුෂ්පිකා ද සිල්වා සිය ස්වර්ණාභරණ සන්නාමය වන පුෂ්පිකා ද සිල්වා ස්වර්ණාභරණ, වෙළඳසැල 2023 දෙසැම්බර් පළමුවැනිදා හැව්ලොක් සිටි වෙළඳ සංකීර්ණයේදී අති උත්කර්ෂවත් අන්දමින් එළිදක්වන ලදි. මෙම අවස්ථාවට බොහෝ කලාකරුවන් විලාසිතා නිරූපකයින් රූපලාවන්‍ය ශිල්පීන් සහ මංගල ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් සහභාගී වී ඇත. හැව්ලොක්සිටි මෝලි හි දෙවන මහලෙහි මෙම ස්වර්ණාභරණ වෙළඳසැල පිහිටා ඇත. මෙම ස්වර්ණාභරණ අර්ධ වශයෙන් ස්වභාවික සහ නූතනත්වයේ එකතුවක් බව එහි අධිපතිනිය වූ පුෂ්පිකාද සිල්වා පවසයි. තම ගනුදෙනු කරුවන්ට දැරිය හැකි මිළකට ස්වර්ණාභරණ මිළදී ගැනීමට අවස්ථාව ලබාදෙන බවද ඇය වැඩි දුරටත් පවසා සිටී.

බෙල්ලේ කළු පැහැය අඩු කරගන්න නිවසේදී කළ හැකි සත්කාර Read Previous

බෙල්ලේ කළු පැහැය අඩු කරගන්න නිවසේදී කළ හැකි සත්කාර

ඓතිහාසික රුවන්වැලි මහා සෑ පින් බිමෙන් රටටම විසිරෙන නොනිවෙන පුණ්‍ය මෙහෙය Read Next

ඓතිහාසික රුවන්වැලි මහා සෑ පින් බිමෙන් රටටම විසිරෙන නොනිවෙන පුණ්‍ය මෙහෙය

Realted Post

Leave a comment