රතු කට්ට පනින විදුලි බිලට සහනයක් ජයග්‍රාහකයෝ තෝරයි

රතු කට්ට පනින විදුලි බිලට සහනයක් ලෙස සිරිකත පුවත්පත, හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සිදුකරන සෝලා ගාර්ඩ්න් ලයිට් ලබාදීමේ තරගාවලියේ කුසපත් ඇදීම 2024.04.30 දින විජය පුවත්පත් ආයතනයේදී සිදු කෙරිණි. ජයග්‍රාහකයින් සඳහා සෝලා ගාර්ඩ්න් ලයිට් තිලිණය ලබාදෙනු ලබන්නේ ග්‍රීන් ලයිට් සෝලා ලංකා ආයතනය විසිනි. ''

කුසපත් ඇදීමේ අවස්ථාවට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ඉල්ලුම් පාර්ශවීය කළමණාකරන) හර්ෂ වික්‍රමසිංහ, අනුරුද්ධ එදිරිවීර (මාධ්‍ය), ග්‍රීන් ලයිට් සෝලා ලංකා ආයතයේ කලමනාකරණ අධ්‍යක්ෂ චාලක තුලාර, විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර, ඉරිදා ලංකාදීප ප්‍රධාන කර් තෘ කාංචන දසනායක, සිරිකත ප්‍රධාන කර් තෘ අශන්ති වරුණසූරිය යන මහත්ම මහත්මීහු සහ සිරිකත කර් තෘ මණ්ඩලය ද එක්විය.

එහිදී සිරිකත වෙත එවූ දහස්ගණනක් වූ කූපන් අතරින් පෙබරවාරි සිට අප්‍රේල් මාසය දක්වා මසකට එක බැගින් ජයග්‍රාහකයකු බැගින් ජයග්‍රාහකයින් තිදෙනකු තෝරාගත් අතර ජයග්‍රාහකයින්ගේ නම් පහත දැක් වේ.

ජයග්‍රාහකයින් සඳහා නියමිත ත්‍යාග ලබාදීම පිළිබඳ විස්තර ඉදිරියේදී සිරිකත පුවත්පත හරහා දැනුම්දෙනු ලැබේ.

මෙදින සිරිකත පුවත්පතේ 44වන සංවත්සරයද යෙදී තිබීම විශේෂයකි.

ජයග්‍රාහකයින්ගේ නම්

එච්. එම්.ජි.එච්. හේරත්

තිලක

මීගහමඩල

බඩල්කුඹුර

 

කේ.එස්. බෙනරගම

605/3,

ගොඩපරගහහේන

පලාතොටල

කලුතර

 

එම්.එල්.එම්. අස්වර්

නො .  11/26 a,

රත්වත්ත මාවතල

බදුල්ල

  • නයනා උදයංගනී

Legendary  Women of the Year 2025 Award for Pioneering  Leadership in Digital Media in Sri Lanka Read Previous

Legendary Women of the Year 2025 Award for Pioneering Leadership in Digital Media in Sri Lanka

Excellence in media and editorial contribution Lengedary Women of the Year 2025 Read Next

Excellence in media and editorial contribution Lengedary Women of the Year 2025

Realted Post

Leave a comment