Calin අලෙවි නියෝජිතයින් අගයයි

කැලීන් නිෂ්පාදන ආයතනයේ අලෙවි නියෝජිතවරුන් ඇගයීමේ උත්සවයක් පසුගියදා කොළඹ ශැංග‍්‍රිලා හෝටලයේදී අති උත්කර්ෂවත් ලෙෂ පැවැත්විණි. 

එහිදී දිවයිනේ වැඩිම කැලීන් නිෂ්පාදන අලෙවියක් වාර්තා කළ නියෝජිතවරුන් ඇගයීම ස`දහා කුසලාන, සිංගප්පූරු චාරිකා ඇතුළු වටිනා ත්‍යාග රැසක් පිරිනැමිණි.

ප‍්‍රධාන ආරාධිතයින් ලෙස කැලීන් නිෂ්පාදනවල පර්යේෂණ, සංවර්ධන කටයුතු භාර සජිත් කුන්නාත් සහ අනුප‍්‍රියා මෙම අවස්ථාවට සහභාගි විය. කැලීන් සන්නාම කළමනාකාරිනී පූජනී භාග්‍යා, රංගන හා ගායන ශිල්පී ගයාන් ගුණවර්ධන ද  ඊට එක්ව සිටියහ. 
සභාපති, ලේල්ලවල ජී. පියනන්ද ගේ උපදෙස් මත, කළමණාකාර අධ්‍යක්ෂක උමේෂ් ගොඩකන්ද ගේ අධීක්ෂණය යටතේ ජාතික අලෙවි කළමණාකරු සුදාරක චිරන්ත විසින් මෙම උත්සවය සංවිධානය කර ඇත.
රංගන ශිල්පී කාවින්ග පෙරේරා සහ පූජා තණරාජා  විසින් වැඩසටහන මෙහෙයවන ලදි.

 

Diabetasol සන්නාම තානාපති කලාශූරී චන්න විජේවර්ධන Read Previous

Diabetasol සන්නාම තානාපති කලාශූරී චන්න විජේවර්ධන

’’සුභග’’, “තාක්ෂණවේදය” සහ “සුජාත දියණි” ශිෂ්‍යත්ව ගැන Read Next

’’සුභග’’, “තාක්ෂණවේදය” සහ “සුජාත දියණි” ශිෂ්‍යත්ව ගැන

Realted Post

Leave a comment