First Capital Holdings PLC මීගමුව ශාඛාව

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් වන First Capital Holdings PLC සමාගමේ මීගමුව ශාඛාව වැඩිදියුණු කර විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි.

පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් සැලසීම සඳහා, වැඩි ඉඩකඩක් සමඟින් නවීනතම පහසුකම් ඇතුළත් කොට මෙම ශාඛාව වැඩිදියුණු කර තිබේ.

මීගමුව ශාඛාව යනු First Capital Holdings PLC සමාගමේ ශාඛා අතරින් ඉහළම කාර්යසාධනයක් වාර්තා කර ඇති ශාඛාවක් වන අතර, තම පාරිභෝගිකයන්ට වඩාත් තෘප්තිමත් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් සමාගම දිගින් දිගටම මෙවැනි ආයෝජනයන් සිදුකරමින් සිටී. 

පහසුකම් වැඩිදියුණු කිරීමට අමතරව, පාරිභෝගිකයන්ට නිවැරදි මූල්‍ය කළමනාකරණයක් සඳහා මඟපෙන්වමින් ඔවුන්ගේ මූල්‍ය යහපැවැත්ම තහවුරු කිරීමේ මෙහෙවර තවදුරටත් පුළුල් කිරීම සඳහා මීගමුව ශාඛාවේ කාර්ය මණ්ඩලය වැඩි කිරීමටද First Capital Holdings PLC සමාගම පියවර ගෙන තිබේ. 

රාජ්‍ය අංශයේ අන්තර් දෙපාර්තමේන්තු කාණ්ඩය යටතේ සුවිශේෂී ජයග්‍රහණයක් Read Previous

රාජ්‍ය අංශයේ අන්තර් දෙපාර්තමේන්තු කාණ්ඩය යටතේ සුවිශේෂී ජයග්‍රහණයක්

අන්තර් දෙපාර්තමේන්තුට සුවිශේෂී ජයග්‍රහණයක් Read Next

අන්තර් දෙපාර්තමේන්තුට සුවිශේෂී ජයග්‍රහණයක්

Realted Post

Leave a comment