ජැකලින් ලංකාවේ සුඛෝපභෝගී නිවහන් රටාව අලුත් කරන්නට සූදානම්

ශ්‍රී ලංකාවෙන් බිහිවූ ජාත්‍යන්තර සිනමා තාරකාවක් වන ජැකලින් ෆර්නැන්ඩස්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වසනීයම දේපළ වෙළඳාම් සන්නාමය වන හෝම් ලෑන්ඩ්ස් සමූහය සමඟ නිළ සහයෝගීතාවයකට එළඹුණා.


විශිෂ්ටත්වයේ අනාගතය දකින ශ්‍රී ලාංකීය සන්නාමයක් වන හෝම් ලෑන්ඩ්ස් සහ  ලොව පුරා ප්‍රේක්ෂකයන් දක්ෂතාවයෙන් සුන්දරත්වයෙන්, ආදරයෙන් ආකර්ෂණය කරගත් ජාත්‍යන්තර තලයේ බැබළෙන  තාරකාවක් අතර ඇතිකරගත් මෙම සහයෝගිත්වය ඔස්සේ ශ්‍රී ලාංකීය සුපිරි නිවහන් ක්ෂේත්‍රයේ නව්‍ය , චමත්කාරජනක යුගයක් උදා වනවා.

 "අනන්‍ය උරුමය මත ගොඩනැගුණ විශ්වාසය සහ ගතිකත්වයෙන් යුතු නව්‍ය ශ්‍රී ලංකාව ජැකලින් තුළින් පිළිඹිබු වනවා.ඇයව හෝම් ලෑන්ඩ්ස් පවුලට පිළිගැනීමට ලැබීම අපට ගෞරවයක්.” මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් හෝම්ලෑන්ඩ්ස් සමූහයේ සභාපති නලින් හේරත් මහතා ප්‍රකාශ කළා.

"මම ලෝකයේ කොහේ ගියත් මගේ නිවහන ශ්‍රී ලංකාව. ලංකාවෙ දේවල් කොච්චර ඉක්මනට ඉස්සරහට යනවද කියලා පුදුමත් හිතෙනවා. මෙහෙ දියුණුව, සංචාරක වර්ධනය වගේ දේවල් ඇත්තටම ගොඩක් සතුටුදායකයි.  මම අත්වැල් බැඳ ගන්නේ මේ රට අලුත්ම ආකර්ශනීය විදියට ලෝකයට විවෘත කරන ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම දේපළ වෙළඳාම් සහකරුවා එක්ක. ලොකු දේවල් ඉස්සරහට එනවා , බලාපොරොත්තුවෙන් අවධානයෙන් ඉන්න" ජැකලින් ෆර්නැන්ඩස් ප්‍රකාශ කළා.

සන්නාම තානාපති කාර්යයයෙන් ඔබ්බට ගොස් හෝම් ලෑන්ඩ්ස් ශ්‍රී ලාංකීය විශිෂ්ටත්වය දේශීය සහ ගෝලීය තලයේ ඉහළින්ම තැබීමට මෙම සහයෝගීත්වයෙන් හැකියාව ලැබෙනවා.

හෝම් ලෑන්ඩ්ස් මෙතෙක් රැකගෙන ආ නිර්මාණශීලීත්වය , ගුණාත්මක භාවය සහ විශ්වාසය සහ ජැකලින් ෆර්නැන්ඩස් සමඟ මෙම සහයෝගිත්වයෙන් චමත්කාර , සුඛෝපභෝගී නව්‍ය නිවසක සිහින දකින සැමට ආකර්ෂණීය ආරංචියක් ළඟදීම ලැබේවි. 

ඇය රණවිරු තරුවක් Read Previous

ඇය රණවිරු තරුවක්

ප්‍රථම වරට ලංකාවේ සමාගමක් පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදනයට Read Next

ප්‍රථම වරට ලංකාවේ සමාගමක් පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදනයට

Realted Post

Leave a comment