රත්තරන් ණය දෙන ඉස්තරම් තැනින් රන් ණය පෙරළියක්

 

සෑමවිටම සිය පාරිභෝගිකයන් වෙනුවෙන් වඩාත් පුළුල් සහ කාර්යක්ෂම මූල්‍ය සේවා සපයන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (ක්‍ෘඊ) සිය ප්‍රමුඛතම මූල්‍ය සේවාවක් වන CDB රන් ණය’ සේවාව නව මුහුණුවරකින් වෙළෙඳපොළට නිකුත් කර තිබේ. 


ඒ අනුව, පවතින ආර්ථික තත්ත්වය හමුවේ විවිධ අසීරුතාවයන්ට මුහුණදෙන ජනතාව වෙනුවෙන් සහනයක් වෙමින්,   CDB රන් ණය’ නව විශේෂාංග රැසක් සමඟින් වැඩිදියුණු කරන ලද සේවාවක් ලෙස පාරිභෝගිකයන් වෙත හඳුන්වාදී ඇත. 


රන් ණය ක්ෂේත්‍රයේ නවමු පෙරළියක් සිදු කරමින් ‘රත්තරන් ණය දෙන ඉස්තරම් තැන’ වන ක්‍ෘඊ, රන් ණය ලබාගත් දිනයේ සිට පළමු මාසයේ පොලිය මාසයෙන් භාගයකට අය නොකරමින් සිය පාරිභෝගිකයන් වෙත විශේෂ සහනයක් සලසාදී තිබේ. ඒ අනුව, රන් භාණ්ඩ උකස්කළ දිනයේ සිට දින පහළොවක් ඇතුළත එම භාණ්ඩ නිදහස් කරගන්නා පාරිභෝගිකයන් වෙත කිසිදු පොලී මුදලක් අය කරනු නොලැබේ. එසේම, CDB රන් ණය’ සේවාව වෙත යොමුවෙන පාරිභෝගිකයන්හට හිමිවන තවත් ප්‍රතිලාභයක් වන්නේ ක්‍ෘඊ වෙතින් රන්පවුමකට ලබාදෙන ඉහළම අත්තිකාරම් මුදලයි. ඒ අනුව, රන් පවුමකට රුපියල් 165,000/= ක ආකර්ෂණීය අත්තිකාරම් මුදලක් ලබාදීමට CDB සමාගම පියවරගෙන තිබේ. තවද, CDB රන් ණය’  සේවා සඳහා මාසිකව අවම ආරම්භක පොලී අනුපාතයක් අය කරන අතර එය CDB රන් ණය’ පාරිභෝගිකයන්ට සහන සැලසෙන පරිදි සකස්කර ඇත.  එසේම, වඩාත් කාර්යක්ෂම සේවයක් උදෙසා සතියේ දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වාත් සෙනසුරාදා දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වාත් ක්‍ෘඊ ශාඛා ජාලය මෙම සේවාව ලබාදීම සඳහා විවෘතව පවතී.

 

ප්‍රථම වරට ලංකාවේ සමාගමක් පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදනයට Read Previous

ප්‍රථම වරට ලංකාවේ සමාගමක් පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදනයට

නි.විභාග කොමසාරිස් කියන ශිෂ්‍යත්ව ජයග්‍රහණයේ රහස් Read Next

නි.විභාග කොමසාරිස් කියන ශිෂ්‍යත්ව ජයග්‍රහණයේ රහස්

Realted Post

Leave a comment