රදැල්ල වතු යායෙන් පායපු හොඳම තේ දළු නෙලන්නිය

 

 

 

 

 

කැළණිවැලි , තලවකැලේ සහ හොරණ වැවිලි සමාගමට අයත් තේ වතු වල තේ දළු නෙලන්නියන්ගේ සහභාගිත්වයෙන් හොදම තේ දළු නෙලන්නිය තේරිමේ අවසන් තරගය (25) දින රදැල්ල වතුයායේදි පැවැත්විණ.


හේලිස් සමුහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතාගේ සහ එම වතු සමාගම් වල ප්‍රධාන විධායක අධ්‍යක්ෂක රොෂාන් රාජදොරේ යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම තරගාවලිය පැවැත්විණ.


කැළණිවැලි , තලවකැලේ සහ හොරණ වැවිලි සමාගම් වල අයත් වතු 42 කින් හොදම තේ දළු නෙලන්නියන් තේරිමේ තරග පවත්වා එම වතුවලින් හොදම තේ දළු නෙලන්නිය වශයෙන් තේරිපත් වු ජයග්‍රහකයින් 42 දෙනෙකු අවසන් මහ තරගයට සහභාගි කරගනිමින් මෙම තරගා වලිය පැවැත්විණ.


තේ දළු නෙලිමේ අවසන් මහ තරගය රදැල්ල වතුයායේ හොදින් තේ වැවුණු තේ කොටසක විනාඩි 20 ක කාලයක් ලබාදෙනු ලැබුහ.
එම කාලය තුල අවසන් මහ තරගය සදහා ලබාදුන් නිර්නායක වලට අනුකුලව එම වතුයායවල් වල හොදම තේ දළු නෙලන්නියන් අතරින්  ජයග්‍රහණය අමු තේ දළු කිලෝ 10 ග්‍රැම් 450 නෙලා ගනිමින් තලවකැලේ වැවිලි සමාගමේ සමර්සෙට් වතුයායේ ආර්.සිදෙයිඅම්මා  හිමි කරගත් අතර ජයග්‍රහයිකවට රු ලක්ෂ 3 ක මුදල් ත්‍යාගයක්ද හිමිවිය.

 


වයස අවු 37 හැවිරිදි ආර්.සිදෙයිඅම්මා තිදරු මවකි, ඇය වසර 07 ක් තේ වතු ක්ෂේත්‍රයේ රැකියා කර ඇත.


තේ කර්මාන්තයේ නියැලි සිටින වතු කම්කරුවන් දිරි ගැන්විමේ සහ එම පිරිස තේ කර්මාන්තයේ රදවා ගැනිමේ අරමුණින් මෙවැනි තරග වාර්ෂිකව පවත්වන බවයි එම වතු සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක රොෂාන් රාජදොරේ මහතා පැවසුවේය.

රිදී විහාරය සංචාරක ගමනාන්තයක් Read Previous

රිදී විහාරය සංචාරක ගමනාන්තයක්

බෙල්ලේ කළු පැහැය අඩු කරගන්න නිවසේදී කළ හැකි සත්කාර Read Next

බෙල්ලේ කළු පැහැය අඩු කරගන්න නිවසේදී කළ හැකි සත්කාර

Realted Post

Leave a comment