“රොෂාන් මහානාම භාරය” නිල වශයෙන් එළිදැක්වෙයි

 

ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයකු  සහ මානව හිතවාදියකු ලෙස කීර්තියක් දිනා සිටින රොෂාන් මහානාම මහතා “රොෂාන් මහානාම භාරය” නිල වශයෙන් එළිදැක්වීම වැඑඅසබට ජදකදපඉද 07 හෝටල් පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණි. රජයේ ලියාපදිංචි කර ඇති රොෂාන් මහානාම භාරය නිල වශයෙන් දියත් කිරීමේ උත්සවය “ ීචරු්ාසබට ්‍යමප්බසඑහ ඊැහදබා ඊදමබා්රසැි” යන තේමාව යටතේ සංවිධානයවී තිබුණී.

රටේ අඩු වරප්‍රසාදලාභී දරුවන්ට යහපත් අනාගතයක් උදාකිරීම සඳහා විවිධ පාර්ශ්වයන් සමඟ එක්ව කටයුතු කළ හැකි වේදිකාවක් නිර්මාණය කිරීම මෙම භාරයේ මූලික අරමුණයි.


අවංකභාවය, විශ්වසනීයත්වය, විනය, පක්ෂපාතීත්වය සහ මිත්‍රත්වය යන සාරධර්ම මත පදනම්ව ගොඩනැඟුනු රොෂාන් මහානාම භාරය ප්‍රධාන ඉලක්ක කිහිපයක් මුල්කරගෙන ක්‍රියාත්මකවේ.ශිෂ්‍යත්ව පිරිනැමීම,අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් සහ යටිතල පහසුකම් නැංවීම හරහා අධ්‍යාපන ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම, විවිධ අධ්‍යාපනික වැඩසටහන් පැවැත්වීම සහ තරුණ තරුණියන්ගේ කුසලතා ප්‍රවර්ධනය කිරීම, උපකාරයන් අවශ්‍ය දරුවන් සඳහා එම අවශ්‍යතා සපුරාදීම, බරපතල රෝගාබාධ වළක්වා ගැනීම සම්බන්ධ දැනුවත් කිරීම් සිදුකිරීම, ස්වභාවික හෝ මිනිසුන් විසින් ඇති කරනු ලබන ආපදාවලදී සහනයක් වෙමින් අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, දරිද්‍රතාව, ආබාධ, ජාති, ආගම්, ස්ත්‍රී  පුරුෂභාවය වැනි සාධක නිසා සමජයේ කොන්වීමට ලක්වසිටින සියලුම පුරවැසියන් යළි සමාජගත කිරීම සහ දරුවන්ට එරහිව ප්‍රචණ්ඩත්වය අවමකිරීම ආදිය මෙම ඉලක්ක වේ.
( සටහන සහ ඡායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ)

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්. Read Previous

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්.

ළඟ ළඟ එන වසන්තයට විලාසිතා Read Next

ළඟ ළඟ එන වසන්තයට විලාසිතා

Realted Post

Leave a comment