පක්ෂ බේද ඉවතලා මන්ත්‍රීවරියන් පිළිකා මර්ධනයට එකතු වෙලා


දේශපාළන පක්ෂ බේදයකින් තොරව ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දේශපාළන පක්ෂ වල ,පාර්ලිමේන්තු  මන්ත්‍රීවරියන් ,පලාත් පාලන ආයතනවල මන්ත්‍රීවරියන්  එක්ව,පසුගියදා මහනුවර ඟඟවට කෝරළේ  ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට රැස්ව , කාන්තා පියයුරු පිළිකා මර්ධන වැඩ සටහනක් පවත්වා කාන්තාවන් දැණුවත් කිරීමේ වෛද්‍ය  උපදේශණ සේවාවක් සංවිධානය කරන ලදි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරියන් වන නීතීඥ තුෂාරි ජයසිංහ(ජාතික ජන බලවේගය) නීතීඥ චමින්ද්‍රානී කිරිඇල්ල ( සජබ) යනමහත්මීන්   ,නගර සභා මන්ත්‍රීවරියන් ,සෞඛ්‍ය හෙදි නිලධාරිනියන්,පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ,මෙන්ම  නගර සභා මන්ත්‍රීවරුද මෙම යැඩ සටහන සඳහා සිය සහාය ලබාදී තිබිණි.
මෙම අවස්ථාවට එක්ව සිටි වෛද්‍ය වරුන් ප්‍රකාශ කලේ වසරකට කතුන්  5500 ක් පියයුරු පිළිකා රෝගයට ගොදුරුවන බවයි,මෙම රෝගයෙන්  කතුන්  1000 කට අධික පිරිසක් මරණයට පත්වන බවත් ,කල් ඇතිව රෝගය හඳුනාගත හොත් ප්‍රතිකාර  ලබාගෙන සුවය ලබාගත හැකි බවත් මෙහිදී වෛද්‍යවරු  වැඩසටහනට සහභාගි වූ කතුන් දැණුවත් කරමින් පැවසූහ.

ජේ    ඒ  එල් ජයසිංහ

පළාත් 07ක ඩෙංගු ඉහළට Read Previous

පළාත් 07ක ඩෙංගු ඉහළට

ඉවතලන පලතුරු ලෙලිවලින් ලස්සන වෙන්නේ මෙහෙමයි Read Next

ඉවතලන පලතුරු ලෙලිවලින් ලස්සන වෙන්නේ මෙහෙමයි

Realted Post

Leave a comment