අර්ථවහරනයෙන් පසු කාන්තාවන්ට මතුවන රෝග සඳහා සාර්ථක ආයුර්වේද පිළියම්
කාන්තාවක් ලෙස ජීවිත කාලය තුළ පසු කළ යුතු අවදි ගණනාවක් පවතී.
එතනදි අර්ථවහරණයට එළැඹීම සෑම කාන්තාවකටම පොදු දෙයකි.
ආර්ථව හරණය කාන්තාවන්ට වයසට යෑමේදී අත්වන ක්‍රියාවක් වූවද බොහෝ අවස්ථාවල මෙහිදී සිරුරට විවිධ සංකූලතාවන් මතු කිරීමට පුළුවනි. ඒ සඳහා ආයුර්වේද සතු විශිෂ්ට ප්‍රතිකාර ගැනයි මේ ලිපියෙන් කතා කරන්න සූදානම.
අර්ථවහරණය යනු,
ගැහැණු දරුවකු වැඩිවියට පත්වීමෙන් පසුව සෑම මාසයකට විසිඅටකට වරක් ම සිදු වන ඔසප් වීම වයස අවුරුදු 45/50 වයසේදී පමණ ඔසප් වීම නතර වීමයි.
මෙහිදී මතු විය හැකි රෝග ලක්ෂණ.
සෑම කාන්තාවකටම මෙම ලක්ෂණ ඇති නොවුනත් කාන්තාවන්ගෙන් වැඩි දෙනෙකුට මෙම රෝග ීන් ලක්ෂණයක් මතුවීමේ හැකියාව පවතී.
ඒ මොනවද කියලා බැලුවොත්, 
මානසික අව පීඩනය, නිරෝගිභාවය අඩුවීම, නුරුස්සන ස්වභාවය, හිස කෙස්, සම ආශ්‍රිත ගැටලු, සිරුරේ අනවශ්‍ය ලෙස මෙදය  තැන්පත්වීම, ස්ථූල භාවය, සන්ධි රෝග, ඔස්ටියෝපොරෝසියස් වැනි අස්ථිරෝග ඇතිවීම, හෝමෝන වෙනස්කම්, මූත්‍රා ආශ්‍රිත රෝග, යෝනි ප්‍රදේශයේ වියලීම, ලිංගික ගැටලු, අධික ලෙස දහදිය දැමීම විශේෂයෙන් රාත්‍රියේදී අධික ලෙස දහදිය දැමීම, තෙහෙට්ටු ස්වභාවය, උණ වැනි  තත්වයන් මතුවීම වැනි ලක්ෂණ මතුවිය හැකියි. ඒ වගේම උදරයේ බරක් එල්ලුවා මෙන් දැනීම, ආහාර අරුචිය, ආහාර ජීර්ණ ක්‍රියාවලිය දුර්වල වීම වැනි රෝග ලක්ෂණ ද මතු විය හැකියි.
මෙම රෝග සුවයට ගෙදරදී කල හැකි අත් බෙහෙත්.
මෙතනදී මෙම රෝග සුවයට ප්‍රධාන ක්‍රම දෙකකට ප්‍රතිකාර සිදුකළ හැකියි.
අභ්‍යන්තර ප්‍රතිකාර.
- කොළ කැඳ වර්ග නිතර පානයට ගැනීම, එතනදි මේ සඳහා විශේෂිත ගුණ ලබාදෙන හාතවාරිය කොළ කැඳ පානය සුදුසුයි,
 - ඒ වගේම නෙල්ලි /රසකිද, රණවරා, බෙලි මල්, ඉරමුසු තැම්බු වතුර,
 - සැවන්දරා මුල් තැම්බු වතුර,
 - සුදු හඳුන් පවුඩර් එකක් ලෙස සකසා තේ හැන්දක ප්‍රමාණයක් පිරිසිදු වතුර වීදුරුවකට දමා රාත්‍රිය තබා පසුදින උදෑසන පානයට ගැනීම,
 - මානෙල් අල, කෙකටියාඅල, හාතවාරිය අල වැනි අල වර්ග තම්බා පානය.
 
බාහිර සත්කාර:
සිරුර බාහිරින් ශෝධනය කර ගැනීම සඳහා,
කොහොඹ කොළ, වෙනිවැල් ගැට, වැල්මදට, දේවදාර, වැල්මී, අමු කහ වැනි ඖෂධ එකක් හෝ මින් කීපයක් තම්බා එම ඖෂධ වලින් මුලු සිරුරම සේදීම සිදු කිරීමෙන් සම පිරිසිදු වී පැහැපත්, දීප්තිමත් භාවයද ලබා ගත හැකියි.
රෝග සුවයට ඖෂධ වගේම ආහාර රටාව/ ජීවන රටාවද නිවැරදි කරගත යුතුයි.
නුසුදුසු ආහාර.
නුසුදුසු ආහාර රටාවෙන් ඉවත්වීම කළ යුතුයි, එහිදී උෂ්ණාධික ආහාර රටාවෙන් ඈත්වීම, පාන්පිටි රසකාරක, අධික ලුණු, අධික කුළුබඩු, රසකාරක යෙදූ කෘතිම ආහාර වලින් වැලකීම කළ යුතුයි.
සුදුසු ආහාර.
- පලා වර්ග, එළවළු වර්ග, කැඳ වර්ග, ධාන්‍ය වර්ග නිතර නිතර ආහාරයට එකතු කර ගැනීම සුදුසුයි.
 - අර්ථවහරණය සිදුවීම නිසා සිරුරේ පෝෂණය අඩුවීම සිදුවීමට පුළුවනි.එහිදී සිරුරට අවශ්‍ය පෝෂණය නිරන්තරව ලබා ගැනීම සඳහා, බිත්තර, පරව් මාලු ,පොතුබර මාලු, ඔමේගා 03 අඩංගු ස්වභාවික මත්ස්‍ය තෙල්,
 - අර්ථවහරණය නිසා ඇතිවන අස්ථි දිරාපත් වීම වළක්වා ගැනීමට මෙවැනි ආහාර ලබා ගැනීම සුදුසුයි. හාල් මැස්සො, කාරල්ලෝ, සාලයා, හුරුල්ලා, පාතාමැඩියා වැනි ආහාර
 - එමෙන්ම ,සෝයා මිශ්‍ර ආහාර, රතු කරාබුනැටි, ජලයේ වැඩෙන පලාවර්ග අල කොල, කෙකටිය දලු, නෙළුමි අල, මානෙල් අල, කෙකටිය අල වැනි ආහාර වඩාත්මසුදුසුය,
 - කළු උක්දඩු යුෂ, පළතුරු,
 
ඒ වගේම හොඳින් වතුර පානයකළ යුතුයි.
ජීවන රටාව.
ශරීරය හොඳින් පිරිසුදුව තබා ගැනීම, සුව නින්දක් ලබා ගැනීම, හොඳින් පිරිසිදු සිසිල් වාතාශ්‍රයක ජීවත්වීම, සැහැල්ලු දුහුල් ඇදුම් ඇදීම, මානසික සුවය දෙන ක්‍රියාකාරකම් වල යෙදීම, විනෝද චාරිකා යෑම, ක්‍රීඩාවේ යෙදීම, ව්‍යායාමවල යෙදීම, භාවනා ක්‍රම, යෝග අභ්‍යාස වල යෙදීම.
මෙවැනි ප්‍රතිකාර වලින් සිරුරට දැනෙන අපහසුතාව අඩු නොවේ නම් සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේ.
සටහන- මහේෂානි මීගහපොල.
අදහස් දැක්වීම_
ආයුර්වේද වෛද්‍යවිදුර රත්නාකර. 
                                            
                                            
                                                    
                                                    
                                                    
                                                                    
                                                                    
                                                                    
                                                                    
                                                                    
Leave a comment