ආයුර්වේද රූපලාවණ්‍ය ටිප්ස්

රෝග රැසකට ගුණ දෙන කහවතුර පානයෙන් ලැබෙන ප්‍රතිලාභ 

රූපයට වගේම සෞඛ්‍ය ප්‍රතිලාභ  රැසක් ලබා ගත හැකි පානයක් ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රිය කහ වතුර පානය එසේ නැත්නම් Turmeric Drink පානය ගැනයි මේ කතා කරන්නේ, 

ඇත්තටම කහවතුර පානයෙන් සිරුරට, රුවට මෙවැනි  ප්‍රතිලාභ ලබා දෙනවාද? සහ එය නිවැරදි ලෙස භාවිත කරන්නේ කොහොමද කියලයි මේ විශේෂාංගයෙන් කතා කිරීමට සූදානම, 


කහ වතුර පානය කිරීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ;

විටමින් බී, විටමින් සී, ඔමේගා ත්‍රී මේද අම්ලය, තන්තු, ඇල්ෆා_ලිනෝලෙයික් අම්ලය, පොටෑසියම්, යකඩ ආදිය කහවල අන්තර්ගතයි. 

ආයුර්වේදයට අනුව කප, වාත සාමක ගුණයන් පවතී. පිත වර්ධනය කරවයි. දැවිල්ල අඩුකරයි, ප්‍රතිශක්තිකරණය වර්ධනය කරවයි, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත සංකූලතා වළක්වයි, ආහාර දිරවීම උත්තේජනය කරවයි, අක්මාවේ විෂ ඉවත් කරවයි, රුධිරය සීනි ප්‍රමාණය පාලනය කරයි, හෘද සෞඛ්‍යයට හිතකරයි, මොළේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරවයි, මානසික ආතතිය වළක්වයි, සිරුරේ බර අඩුකරයි, සිරුරේ විෂ නසයිවැනි බොහෝ ප්‍රතිලාභ  සිරුරට ලැබෙයි. 

රූපලාවන්‍ය ප්‍රතිලාභ

සමේ දීප්තිමත් බව වැඩිකරවයි, ප්‍රතිඔක්සිකාරක ගුණය පැවතීමෙන් තරුණ බව රැකදීම, සමේ අසාත්මිකතා සමනය කරවයි, හිස කෙස් සහ හිස්කබල සෞඛ්‍ය ශක්තිමත් කරවයි, හිසකෙස් වර්ධනය කරවයි, කුරුලෑ ලප කැළැල් අඩු කරවයි, වැනි රූපලාවන්‍ය ප්‍රතිලාභ කහ  සතුයි. 

අමු කහ පානයට ගත හැකි ක්‍රම. 

අමු කහ බීම. 

අවශ්‍ය අමුද්‍රව්‍ය; 

  • නැවුම් කහ කුඩු කැබැල්ලක් හෝ කහ කුඩු තේ හැන්දක්. 
  • උණු වතුර කෝප්පයක්.
  • කළු ගම්මිරිස් තේ හැඳි 1/4.
  • මී පැණි තේ හැන්දක්
  • ලෙමන් යුෂ තේ හැන්දක

සාදාගන්න අයුරු;

අමු කහ කෑල්ල හොඳින් පොඩි කර එය  උණුසුම් වතුර කෝපයට දමා, එයට කළු ගම්මිරිස් එකතු කරන්න. 
පානයට ගැනීමට පෙර මී පැණි ,ලෙමන් යුෂ එකතු කරගන්න.
මෙය උදෑසන හිස්බඩ පානය කිරීම යෝග්‍යයි. 


Golden Milk.


අවශ්‍ය අමුද්‍රව්‍ය ;

  • උණුසුම් කිරි හෝ එළකිරි හෝ ෆෙෂ් මිල්ක් කෝප්පයක්
  • අමු කහ පෙස්ට් හෝ කහ කුඩු තේ හැඳි බාගයක්
  • කුරුඳු තේ හැඳි 1/4
  • කළුගම්මිරිස් තේ හැඳි 1/4
  • මී පැණි තේ හැඳි එකක්

සාදන අයුරු;

කිරි ටික ලිප මත තබා රත් කරගන්න. එයට කහ, කළු ගම්මිරිස් ,කුරුඳු එකතුකර විනාඩි තුනක් පමණ මද ගින්දරේ රත් කරගන්න. 


නිවුණු පසු මී පැණි එකතු කරන්න. 

මෙම පානය මගින්;

දීප්තිමත් සමක්, සුව නින්දක් ලබා ගැනීමට , ප්‍රතිශක්තිය වර්ධනය කරවා ගැනීමට වැනි
 සියලු ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව තිබේ. මෙම පානය රාත්‍රී නින්දට යාමට පෙර පානය කරන්න.

සිරුරේ බර පාලනය කරගැනීමට. 

අවශ්‍ය ද්‍රව්‍ය; 

  • වතුර කෝප්පයක්
  • කුඩු කරගත් අමු කහ ස්වල්පයක්
  • කුරදු කුඩු ස්වල්පයක් 
  • මී පැණි තේ හැඳි එකක්.


සාදන අයුරු: 

භාජනයට වතුර කෝප්පයක් දමා එයට අමු කහ, කුරුඳු එකතු කර මද ගින්දරේ උතුරුවා ගන්න. එය නිවුණු පසු  මි පැණි එකතු කරන්න. (ඔබට අවශ්‍ය නම් පමණක් මී පැණි එකතු කරන්න.) 

මෙය හිස්බඩ පානය කරන්න. 


පානයන් ගත යුතු කාල සටහන .

 

  • කහ තේ දිනපතා වඩා සුදුසු උදෑසන හිස් බඩ පානයයි. 
  • ගෝල්ඩන් milk රාත්‍රී නින්දට පෙර පානය කරන්න. 


බඩ අඩු කරගැනීමට දිනපතා වුවත් සුදුසුයි. 

දෛනිකව කහ පානය කොතරම් ගුණ වුවත් පානයට පෙර මේ ගැනත් සැලකිලිමත්වන්න. 

පිත්තාශය ගල් ඇත්නම්, ගෑස්ට්‍රයිටිස් රෝගය ඇත්නම්, රුධිරය තුනීවීමක් ඇත්නම්, ගර්භනී සහ මව්කිරි ලබා දෙන මවක් නම්, නිදන්ගත රෝග වලින් ඔබ පෙළෙනවා නම්, මෙවැනි පුද්ගලයන්  පානයට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතුයි.

සටහන- මහේෂානි මීගහපොල .

අදහස් දැක්වීම -

ආයුර්වේද වෛද්‍ය ගයත්‍රි කූරගොඩ .

ආදරයට පමණක් ගැලවිය හැකි තනපටය? Read Previous

ආදරයට පමණක් ගැලවිය හැකි තනපටය?

Social media  හදන menia Read Next

Social media හදන menia

Realted Post

Leave a comment