ආහාරය ඖෂධයක් වෙන්න පුළුවන්ද?

නිවැරදි ආහාර, නිවැරදි ප්‍රමාණයෙන් හා නිවැරදි පිළිවෙළට ගන්නේ නම් එය බෝනොවන රෝග රැසක් වළක්වන ඖෂධයකි.
එසේම වැරදි ආහාර,  වැරදි ප්‍රමාණවලින්,  වැරදි පිළිවෙළට ගැනීම අද ලෝකයේ බෝනොවන රෝග ප්‍රවණතාව ඉහළයාමට ප්‍රධානතම සාධකයක් වී තිබේ. අපේ මුතුන් මිත්තන් ගැන සිතන්න,ඔවුන් එදා නිරෝගීව දීර්ඝ කාලයක් ජිවත් වූයේ  ඔවුන්ගේ  සරල ජිවන රටාව සහ ස්වාභාවික නැවුම් ආහාර රටාව නිසයි. ගසකින් කඩාගත් කොළයක්, ගෙඩියක්, මලක්, අලයක්  ඔවුන්ගේ ආහාරය විය.

මේ සරලබව, මේ ස්වාභාවිකබව ඔවුන්ට දීර්ඝායුෂ ගෙන ආවේ ය.
එහෙත් අද මේ ආහාර රටාව සම්පූර්ණයෙන් ම වෙනස් වී තිබේ. පිරිපහදු කිරීම, වර්ණකාරක, රසකාරක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු කිරීම මගින් ආහාරයේ ඇති ස්වාභාවික පෝෂකවලට හානි කිරීම මෙන්ම ඒ තුළට පිටතින් විස රසායනික ද්‍රව්‍ය එකතු කිරීමද සිදුවෙයි. එලෙසම සමහර සංකීර්ණ පිසීමේ ක්‍රම මගින් ආහාරයේ ස්වාභාවික සංයුතිය වෙනස් වී එහි මිනිසුන්ටන්ට අහිතකර රසායනික සංයෝග ඇති වේ.  බෝ නොවන රෝග ලෝකය පුරා වැඩිවීමට බලපා ඇත්තේ මෙන්න මේ කරුණු ය.
දියවැඩියාව, හෘද රෝග, ආඝාතය, ඇල්සයිමර්, පිළිකා, පෙණහලු රෝග, අස්ථි සහ සන්ධි  රෝග අද ලෝකයටම විශාල ගැටලුවක් වී තිබේ.
අද ලෝකයේ ට්‍රිලියන ගණනක් මුදල් මේ බෝනොවන රෝග වැළැක්වීම සඳහා වැය වේ.  අපේ රටද මෙම රෝග සඳහා  ලබාදෙන ඖෂධවලට  සහ ප්‍රතිකාර සඳහා ඉතා විශාල මුදලක් වැය කරයි.
බෝනොවන රෝග සඳහා ප්‍රධානම හේතුව වැරදි ආහාර රටාවය. එසේනම්,
අපි නිවැරදි ආහාර තෝරාගන්නේ කෙසේද?, නිවැරදි ප්‍රමාණය කෙතරම්ද?, ආහාර ගැනීමේ නිවැරදි පිළිවෙළ කුමක්ද? ඔබ ගන්නා ආහාරවල පෝෂණමය වටිනාකම, අප ප්‍රියතම ආහාර ගෙන ලෙඩ නොවී ඉන්න විදිය, අධික තරබාරුව වළක්වන හැටි, සමේ පැහැපත්බව සහ තරුණ පෙනුම රැකගන්න හැටි ආදී ඔබේ නිරෝගීබව හා සම්බන්ධ සියලු දෑ එකින් එක කතා කරන්න අපි සූදානමින් සිටින්නෙමු. ඒ සඳහා ලබන කලාපයේ සිට ඉඩක් වෙන් කර ගනිමු.

ප්‍රථම ශ්‍රී ලාංකික මහජන සබඳතා සමුළුව සඳහා ‘Mark and Comm’ වෙතින් ප්ලැටිනම් අනුග්‍රාහකත්වයක් Read Previous

ප්‍රථම ශ්‍රී ලාංකික මහජන සබඳතා සමුළුව සඳහා ‘Mark and Comm’ වෙතින් ප්ලැටිනම් අනුග්‍රාහකත්වයක්

සෙලාන් බැංකුව John Keells CG Auto සමඟ අත්වැල් බැඳගනී Read Next

සෙලාන් බැංකුව John Keells CG Auto සමඟ අත්වැල් බැඳගනී

Realted Post

Leave a comment