ඇසට කෘමි සතෙක් ගියොත් මොකද කරන්නේ?

ඇසට කෘමි සතෙකු ගිය විටෙක කළ යුතු ප්‍රථමාධාර ගැනයි මේ සටහන

ඇස ඇල්ලීමෙන් හෝ පොඩි කිරීමෙන් වළකින්න. එලෙස සිදු කිරීමට යාමෙන් ඇස ඉදිරිපස කොටස සීරීමට ලක්විය හැකිය.

ස්වාභාවික කඳුළු සෑදීමට සහ ඇසෙන් කෘමියාව ඉවත් කර ගැනීමට කඳුළු වලින්ම ඇස සේදීමට කිහිප වරක් ඇසපිය ගසන්න.

පිරිසුදු ජලය භාවිත කරමින් හෝ සේලයින් වතුර භාවිත කරමින් ඇස මෘදු ලෙස සෝදා හරින්න.

එය සිදු කරන්නේ මෙලෙසයි.

  • කෘමියා සිටින ඇස පහතට සිටින ලෙස හිස ඇල කර ඇස කෙළවරින් වතුර ගලායන ආකාරයට ඇස මුලට වතුර දමන්න.
  • කෘමි සතා තවමත් ඇසේ සිටිනවාදැයි කණ්ණාඩියකින් හොඳින් නිරීක්ෂණය කරන්න.
  • වෛද්‍ය නිර්දේශයකින් තොරව ඇසට ඖෂධ යෙදීමෙන් වළකින්න.

කෘමි සතා පිටතට නොපෙන්නේ නම්, ඇස් රතු වී ඇත්නම්, ඇසේ වේදනාව පවතී නම්, කෙවෙනවා නම් වෛද්‍යවරයකු හමුවන්න.


සටහන - මහේෂානි මිගහපොල

අදහස් දැක්වීම - දැඩි සත්කාර ඒකක පුහුණු හෙද නිලධාරිනි, ද සොයිසා කාන්තා රෝහල, කොළඹ, බුද්ධිනී සෙනවිරත්න

ශ්‍රී දළදා වහන්සේට පූර්ණ රන් කරඬුවක් Read Previous

ශ්‍රී දළදා වහන්සේට පූර්ණ රන් කරඬුවක්

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි Read Next

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි

Realted Post

Leave a comment