ඉක්මනින් දරු සුරතල් බලන්න පමාවට හේතු සොයාගන්න

 

දරුවෙක් බලාපොරොත්තුවන කාන්තාවක් උෂ්ණ අධික ආහාර ගැනීම ඉතාම අගුණය.කකුළුවෝ, දැල්ලෝ, ඉස්සො, අන්නාසි, හුරුල්ලා, බල මාළු, හරක් මස් වගේම දුන්තෙල්, හබරල, කිරිගහල වැනි ආහාරවලින් දුරස්විය යුතුයි. 

 

 

යුවළක් යුග දිවි ඇරඹූ පසු එකම බලාපොරොත්තුව වන්නේ දරු සුරතල් බැලීමය.  පවුලක ලොකුම සතුට දරු සම්පතයි. 


දහසක් පැතුම් පුරවාගෙන යුගදිවි අරඹන යුවළ අතරින් සමහරුන්ට ඒ සිහිනය වෙනුවෙන් වඩාත් වෙහෙසෙන්නට සිදු වේ. සමහර විට දරුවකු පිළිබඳ බලාපොරොත්තු අතහැර දමාගෙන ජීවත්වීමට සිදු වේ. 


එහෙත් එම සිහිනය සැබෑ  කර ගැනීමට දේශීය වෛද්‍ය ක්‍රම මගින් හැකිබව දේශීය ආයුර්වේද වෛද්‍ය කමල් බන්දුල මහතා පවසනවා. 

 

උපදෙස්  :
දේශීය ආයුර්වේද වෛද්‍ය 
කමල් බන්දුල  

 

දරුවන් ලැබීම, නොලැබීම පිළිබඳ ආයුර්වේදයේ සඳහන්වන අවස්ථා තුනක් තියෙනවා. ඒවා නම් කාකවන්ද්‍යා, ජන්ම වන්ද්‍යා, වන්ද්‍යා.


කාකවන්ද්‍යා කියන්නෙ දරුවකු ඉන්නවා, නමුත් තව දරුවකු හදාගන්න අපහසුයි. ජන්ම වන්ද්‍යා උපතින්ම දරුවකු නැහැ. වන්ද්‍යා කියන්නේ දරුවන් නැහැ (වඳභාවය) යන අදහසයි. මෙම අවස්ථා තුනෙන් පළමු අවස්ථාව හා තුන්වැනි අවස්ථාව දේශීය ආයුර්වේද ප්‍රතිකාරවලින් වෙනස් කරගන්න පුළුවන්. 


කාන්තාවන් ඔසප් වී දින 08ක කාලයක් තුළ ගැබ් ගන්නවා. එම දරුවා ධනවත් සමාජශීලී නිරෝගිමත්, බුද්ධිමත් දරුවන් බවත් 08වන දින බිහිවන දරුවන් පිරිමි වන අතර හා 09වන ගැහැනු දරුවන් වෙනවා. මෙසේ ඉදිරි දින 16ක් දක්වා පිළිවෙළට පිළිසිඳ  ගන්නා බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඒවගේම ඔසප් දිනට දින අටකට පෙර පිළිසිඳ ගතහොත් අංගවිකල දරුවන් බිහිවන බවත් මවගේ දරු බීජ මෝරා නොමැති නිසා එවැනි අවස්ථා උදාවනබවත් ආයුර්වේදයේ සඳහන් වෙනවා.  


යම් නිවුන් දරු උපතක් ලැබීමට පරම්පරාව හා ජෛව බලපෑම ද හේතුවෙනවා. විශේෂයෙන් මවු පරම්පරාව ඒ සඳහා මුල්වෙනවා. මුලින් සඳහන් කළ පරිදි නුසුදුසු අවස්ථාවේදී දරුවකු බිහිවීම පුරුෂයාගේ ධාතු ශක්තිය අනුව සිදුවෙන්න පුළුවන්. එම දරුවන් නීරෝගී සම්පන්න කිරීමට ඖෂධ ලබාගැනීම හා ආහාරපාන පිළිබඳ ඉතා සැලකිලිමත් විය යුතු යි.” 


දරුවන් නොමැතිවීමට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ ආහාරයි. ආසනික් සහිත ආහාර එහිදී ප්‍රධානයි. ගර්භාශයේ උෂ්ණත්වය වැඩිවීමට මෙම ආහාර බලපානවා.  වස විස ආහාර නිසා පිරිමින්ගේ ධාතු දුර්වල වෙනවා. රස ධාතුව, මාංස ධාතුව, අස්ථී ධාතුව, අස්ථී මජ්ජා ධාතුව, මේද ධාතුව, ශුක්‍ර ධාතුව. මේවා දුර්වල වුණාම දරුවන් ලැබීමට තිබෙන අවස්ථා අවම කරනවා.


මෙවැනි අවස්ථාවලදී කාන්තාවන්ගේ ගර්භාශයේ උෂ්ණත්වය අඩුකරගන්න, පැලෝපීය නාළවල ගෙඩි දිය කරන්න, ඩිම්බ මෝරන්න ඖෂධ ලබා දිය යුතුයි. 


ඒවගේම දරුවෙක් බලාපොරොත්තුවන කාන්තාවක් උෂ්ණ අධික ආහාර ගැනීම ඉතාම අගුණයි. කකුළුවෝ, දැල්ලෝ, ඉස්සො, අන්නාසි, හුරුල්ලා, බල මාළු, හරක් මස් වගේම දුන්තෙල්, හබරල, කිරිගහල වැනි ආහාරවලින් දුරස්විය යුතුයි. මවුවරුන් වස විෂවලින් තොර ආහාර ගැනීමට සැලකිලිමත් විය යුතුයි. තම ගෙවත්තේ හදාගත් එළවළු පලා ටිකක් ආහාරයට ගැනීමට සැලකිලිමත් වෙන්න ඕනෑ. 


කෙසෙල් මුහ, තිත්ත තිබ්බටු, ගැට පොලොස්, මිරිදිය මාළු, (කාවයියා, ලූලා, වැලිගොව්වා) හා කරදිය පොඩි මාළු ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි.


කාන්තාවන්ට දරු පල අහිමිවීමට තවත් හේතු බොහොමයක් තිබෙනවා. ඇතැම් කාන්තාවන්ගේ ගර්භාශයේ ගැට ගැසීමක් උපතින්ම තිබෙනවා. ගර්භාශයේ සිවිය ගැලවීම නිසාත් දරු පල ලබාගැනීම අසීරුයි. කායික ගැටලු පමණක් නොවෙයි සමහර කාන්තාවන්ගේ මානසික ගැටලු සහ හැසිරීම්ද දරුවන් පමාවීමට බලපානවා. 


කාන්තාවන්  වගේම පිරිමින්ගේ දුර්වලතාද දරුපල නැතිවීමට බලපානවා. ඒ අතරින් ක්ෂණික ධාතු පිටවීම, ලිංගික එක්වීමට ප්‍රිය නොවීම,  ශුක්‍රාණු සරු නොවීම වැනි හේතු බලපාන්න පුළුවන්. කාන්තාවක් නිසි වයසේදී විවාහවීම වැදගත්. විවාහ වී ආසන්න කාලයේදීම දරු පල නොමැතිබව දැනුණු විගස ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්. එසේම කාන්තාව හා පිරිමියා තම තමන්ට තිබෙන දුර්වලතා තේරුම්ගෙන වෛද්‍යවරයාට නොසඟවා පැවැසීම තුළින් පවුල් ජීවිතය සාර්ථක කරගෙන දරුවකුගේ සිහිනය සැබෑ කර ගැනීම සිහිනයක් නොවෙයි. 

 

මෙහෙණ සස්නේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදු විය Read Previous

මෙහෙණ සස්නේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදු විය

එතකොට අපිට කවදහරි අපරාදෙ කියලා කියන්න බැරි වේවී...    ජනප්‍රිය රංගන ශිල්පී සුරාජ් මාපා සමග කතාව විත් අශ් සිරිකත Online Read Next

එතකොට අපිට කවදහරි අපරාදෙ කියලා කියන්න බැරි වේවී... ජනප්‍රිය රංගන ශිල්පී සුරාජ් මාපා සමග කතාව විත් අශ් සිරිකත Online

Realted Post

Leave a comment