ඔබත් ආහාර වේලවල් මගහරිනවාද?

ඔබත් ඔබේ දෛනික ආහාර වේලවල් මඟ හරිනවාද ? එහෙම නැත්නම් ඒ වෙනුවට අතට අහුවෙන දෙයක් කෑමට ගන්නවද? එය කොතරම් ඔබේ ශරීර සෞඛ්‍යයට ගුණදායකද? 

වර්තමාන කාර්යබහුල ජීවන රටාවත්  විවිධ සමාජ මාධ්‍ය දකින පුරුදු හේතුවෙන් බොහෝ දෙනා දින චර්යාවක් ලෙස ප්‍රධාන ආහාර වේල් දෙකකට සීමා කරනවා හෙම නැතිනම් ආහාර උදේ , දිවා ආහාර මගහැර රාත්‍රී හාහාරවේල පලතුරු , කඩචොරු,  බිස්කට් , කිරි, කෝපි වැනි දේකට හුරුවී ඉන්නවා. එහෙම නැත්නම් තුන්වේලම නොකාම ඉන්නවා. නමුත් මේ දේ අපේ සිරුරට සුදුසු සාර්ථක ක්‍රමයක් නම් නොවේ. 

ඇයි මේ ක්‍රමය සාර්ථක නොවීමට හේතුව? 

ඔව්,  ඔයාලට හිතෙන්න පුළුවන් කෝක කෑවත් බඩටනේ. එහෙම නැත්නම් කුසගින්න  නිවාගන්න පුංචි දෙයක් තිබුනාම ඇති කියලා. එහෙම වෙන්නේ කොහොමද කුසගින්න නිවා ගත්තහම විතරක්ම ඇතිද?

 එහෙමනම් ඇයි වෛද්‍යවරු විදිහට පෝෂණවේදීන් විදිහට කියන්නේ ආහාරවෙල සමබල විය යුතුයි කියලා. දවස පුරා කාර්යබහුල වන ඔබට අවශ්‍ය ශක්තිය ,ප්‍රෝටීන විටමින, ඛනිජ ලවන වැනි අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නිතරම අත්‍යවශ්‍යයි. එය ලබාගත හැක්කේ ඔබේ ආහාරයෙන්ම පමණයි. 

ආහාර වේලවල් මඟ හැරීම් නිසා මතුවන අහිතකර ප්‍රතිඵල තිබෙනවාද? 

ආහාර වෙලා මගහැරීම නිසා අධික කුසගින්නක් එනවා. එතනදි ඒ එන කුසගින්නට වැඩිපුර ආහාර වේලවල් ගන්නවා. සිරුරේ ශක්තිය හීන වීම, වෙහෙසකර බව, ප්‍රතිශක්තිය හීන වීම, හිසරදය ,ග්‍රෑස්ටිස් වැනි සංකූලතා, අධ්‍යාපන, රැකියාවේ දුර්වලතා මතුවීම බො නොවන රෝග  විශේෂයෙන් දියවැඩියා වැනි රෝග ඉස්මතු වීම එවැනි දීර්ඝ කාලීන කැටලු මතු වෙන්න පුළුවන්. පේෂි ස්කන්ධය අඩුවීම , පරිවෘත්ති ක්‍රියාවලිය මන්දගාමී වීම වැනි ශාරීරික බොහෝ සංකූලතා මතු වෙන්න පුළුවන්. 

නූතන යුගයේ  ආහාර පාලනය කර ගැනීම එහෙම නැත්නම් සිරුරේ බර අඩු කරගන්න හදනවා. නොකා නොබී ආහාර පාලනය මේ ක්‍රමය සාර්ථකද? 

අද වෙද්දි සමාජ මාධ්‍ය YouTube , වෙබ්, මුහුණ පොත වල ඕනා තරම් පළවෙනව ආහාර නොගෙන ආහාර නොකා සිරුරේ බරපාලනය කරගන්න පුළුවන් කියලා. ඇත්තටම ඒ ක්‍රමය සාර්ථක කියයි මම වෛද්‍යවරයෙකු ලෙස සිතන්නේ නැහැ. මොකද කුසට ආහාර නොගෙන නිරහාරව පාස්ටින් සිට සිරුර බරපාලනයක් වෙන්න පුළුවන් නමුත් ඔබ පිටුපස රෝගියෙකු වී බොහෝ ම බෙහෙත් අහුරක් ගිලෙන්නකු බවට පත්වීමට ජීවිත කාලේම වෙන්න පුළුවන්. ඔබේ ආදායම් මාර්ගයට අනවශ්‍ය වියදමක් එයින් එක්වෙන්න පුළුවන්. ඒ සඳහා සුදුසුම නිවැරදි ක්‍රමය තමයි නිවැරදි පෝෂණීය ආහාර වේලක් ලබා ගැනීම සහ හොඳින් ව්‍යායාමවල යෙදීමයි. 

ඒ වගේම සමහරු පුරුදු වෙලා ඉන්නවා . පෝෂණ අතිරේකවලට යන්න එය සුදුසුද? 

ඒක මොන බොරු වැඩක්ද? අපේ රටේ ඕනා තරම් ස්වභාවික ආහාර වර්ග පෝෂණීය ආහාර වර්ග තිබියදී ඇයි මේ කෘතිම පෙත්තකට කෘතිම පිටි වර්ගයකට හුරු වෙන්නේ. එයින් ඔබට නොහිතන සංකූලතා එන්නත් පුළුවන් .ඔබේ ආර්ථිකයට පර්ස් එකට තට්ටු කරන දෙයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා එවැනි බොරු දේවල් වලට නොයා වෛද්‍යවරයකු වෙත ගොස් අවශ්‍ය විටමින ඌණතාවයක් පවතී නම් ඒ සඳහා වෛද්‍ය උපදෙස් ගන්නවා හැරෙන්න ඔබට හිතුමනාපෙට එවැනි දේවල් කරන්න යන්න එපා. එයිනුත් ඔබ නොහිතන ලෙස ඇඟ තර වෙන්න පුළුවන්. 

ඒ සඳහා ඔබට නිවැරදි උපදෙස්වලට යොමුවීම කරන්න පුළුවන්. 

ඔබට මේ සඳහා පෝෂණවේදී කෙනෙකුගෙන් වැඩිපුර උපදෙස් ලබාගෙන නිවැරදි පෝෂණ රටාවක් සමඟ ආහාර පාලනයත් සහිතව උසට සරිලන බර තබාගන්න පුළුවන්. 

විශේෂයෙන් ගර්භිනී, කුඩා දරුවන්, බෝ නොවන රෝග, ප්‍රතිශක්තිය දුර්වල ඇති පුද්ගලයන් වයස් සීමාව සහිතව වෛද්‍ය උපදේශයකින් තොරව මේ වැනි හිතුමනාපයට ඩයට් ප්ලෑන් වලට නොයා යුතුයි.

සටහන - මහේෂානි මීගහපොල.
අදහස් දැක්වීම - මීගමුව මහ රෝහලේ සහකාර අධිකරණ,  වෛද්‍ය නිලධාරී ප්‍රසංජයේ ප්‍රමෝදිත්. 

 

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක් Read Previous

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක්

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක් Read Next

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක්

Realted Post

Leave a comment