ඔයා OVER THINKING කෙනෙක්ද?

ඔයා ඔයාගෙ ක‍්‍රියා ගැන ඔයා ගැන, අවතක්සේරු කරනවා නම් තව කෙනෙක් ඔයාට කියපු දෙයක් ගැන සතියකට වඩා හිතනවා නම්, ඔයා Over Thinking කෙනෙක්.

මේ අය හිතන්නෙ ඇයි මට මෙහෙම වෙන්නෙ, ඇයි මට ඒ දේ කරන්න බැරි කියලා හැම වෙලාවකම Over Thinking වලට ඒ කෙනාව ගොදුරු වෙනවා.

අපි කොහොමද Over Thinking වලට ගොදුරු නොවී ඉන්නෙ?

ඔයා ඔයාව ප්‍රතික්ෂේප කරන්න එපා

ඔයාට ආයතනයක රැකියාවක් ලැබුණම ඔයා හිතන්න ගන්නවා, " මම මේකට සුදුසු වෙයි ද?" " මට මේ දේ කරන්න පුළුවන් වෙයි ද?" කියලා හිතනවා. එහෙම හිතන එක නතර කරලා මට මේ දේ පුළුවන්, මට මේ ලැබුණු අවස්ථාව මම සතුටින් බාර ගන්නවා කියලා හිතලා වැඩේ පටන් ගන්න.

හැම ප්‍රශ්නයක්ම ප්‍රශ්නයක් නෙවෙයි

ගොඩක් අයට ප්‍රශ්න විසඳගෙන යන්න පුළුවන් මනසක් තිබෙනවා. නමුත් Over Thinking කෙනෙකුට තියෙන්නේ එයා ප්‍රශ්න වලට ගොදුරක් වෙලා කියලා හිතන මනසක්.

සතිමත් බව තියාගන්න

ඔබ කරන සියලු ක්‍රියා මනසින් දකින්න. ඒ දේවල් නිර්මාණශීලීව ගොඩනගන්න.

එන සිතුවිල්ලට ඔහේ ගලාගෙන යන්න ඉඩදෙන්න

සිතට එන සිතුවිලි එක්ක ගනුදෙනු කරන්න එපා. හොඳ හෝ නරක සිතුවිලි එනවිට ඔයා වෙන වැඩකට යොමුවෙන්න.

ව්‍යායාම කරන්න

කායික ව්‍යායාමවල, ගෙවතු වගාව වැනි ක්‍රියාවල යෙදෙන්න. ඔබ ඔබවම පිළිගන්න. ඉහත කී දේවල් ආත්ම විශ්වාසයකින් කරන්න පුරුදු වෙන්න. ඉතිරි ටික ඔයාව වෙනස් කරන්න පුළුවන් ඔබවයි ඔබව නිර්මාණය කරන්නෙ. ඔබ ඔබටම ආදරය කරන්න. සතියේ ආරම්භයට ධනාත්මකව පියවර තබන්න.

මනෝ විදාහ ප්‍රවීණ දේශිකා හා ලේයිකා, දුල්මිනි එස්. සෙනවිරත්න

ආයු චිත්‍රපටය ගැන එහි අධ්‍යක්ෂක චත්‍ර වීරමන් කියපු කතාව Read Previous

ආයු චිත්‍රපටය ගැන එහි අධ්‍යක්ෂක චත්‍ර වීරමන් කියපු කතාව

සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය  සහ විවාහක අවුරුදු කුමරා කුමරිය  2026 Read Next

සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය සහ විවාහක අවුරුදු කුමරා කුමරිය 2026

Realted Post

Leave a comment