තෙල් කෑවම බඩ එනවද?

ඒ කතාව ඇත්තද?

තෙල් කෑම නිසා බඩ එනවා කියන මතය බොහෝ දෙනෙක් තුළ තිබෙන මතයක් මේ කතාව ඇත්තද? ඔව් තෙල් ආහාර වල ශක්තිය වැඩිපුර ඇතුළත් වෙනවා. ඒ නිසා තෙල් සහිත ආහාර අනවශ්‍යය ලෙස සිරුරට ලබාගතයුතු නැහැ. නමුත් අපි සාමානයෙන් දිනකට වැඩි වශයෙන් සිරුරට ලබාගන්නේ පිෂ්ටය සහිත ආහාරයි උදරය මහත් විමට බලපාන විවිධ හේතු රෝග බොහෝමයක් තිබුණත් මේ කියන්න යන්නේ ඔබේ රූපකාය පෞරුෂයට බලපාන උදරයේ තෙල් තැන්පත් වීම ගැනයි.

ඔබේ උදරය මහත් වෙනවා නම් උදරයේ මස්පිඬු ඉදිරියට නෙරා ඇවිත් නම් එසේ වන්නේ ඔබ බාහිරින් සිරුරට ලබා ගන්නා තෙල් කෑම වලින් පමණක්ම නොවේ. ප්‍රධාන වශයෙන් ඔබගේ සිරුර ඇතුළතින්ම නිපදවන තෙල් සම යට තැන්පත් වීම නිසා උදරය මහත් වෙනවා.

උදරයේ තෙල් තැන්පත්වන්නේ කොහොමද?

උදරය මහත් වන්නේ බාහිරින් ලබා ගන්නා තෙල් සහිත ආහාර වලින් නොවේ නම් උදරය තුළ තෙල් තැන්පත් වන්නේ කොහොමද? ඔබේ උදරයේ මෙලෙස තෙල් නිපදවන්නේ අක්මාවයි. එසේ නම් අක්මාවෙන් තෙල් නිපදවීමට අක්මාවට අවශ්‍යය කරන අමුද්‍රව්‍ය වන්නේ ඔබ බාහිරින් ලබා ගන්නා තෙල් සහිත ආහාර නොවේ උදරයේ තෙල් නිපදවීමට අක්මාවට අවශ්‍යය කරන ප්‍රධානම අමුද්‍රව්‍ය වන්නේ පිෂ්ට යයි. එනම් පිෂ්ටය සහිතආහාර වලින් ලැබෙන ග්ලුකෝස් ප්‍රමාණයයි.

මොනවද මේ පිෂ්ටය සහිත ආහාර

තෙල් කෑම කෑවොත් බඩ එන්නේ කියලා තෙල් කෑම නොකා පිටි සහිත කෑම වැඩිපුර ආහාරයට ගැනීමෙන් උදරය නෙරා එන්නේ ඉහත සඳහන් කළ අක්මාවේ ක්‍රියාකාරිත්වය නිසයි. එසේ නම් ඔබ පිටි සහිත ආහාර ගැනීමේදී ඉතා කල්පනාකාරී විය යුතුයි. විශේෂයෙන් බත් පාන් පිට්ටු, බනිස්, බිස්කට් වර්ග, පැණි රස ආහාර පැණි බීම, චොක්ලට්, මේ සියලුම ආහාර වලින් සිරුරට එකතු කරන්නේ ග්ලූකෝස් මේ ග්ලූකෝස් අක්මාවට ගිය පසුව ඒවා ග්ලයිකොජන් බවට පත්වෙනවා ඉන්පසුව ඒවා සංතෘප්ත වන විට තෙල් ගුලි බවට පත් වෙනවා. මේ විදියට නිපදවෙන තෙල් ඉතා පහසුවෙන්ම උදරයේ තැන්පත් වෙනවා.


අදහස් දැක්වීම - වෛද්‍ය ජයරුවන් බණ්ඩාර 

සටහන - නයනා උදයංගනී

දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගන්න අද රාත්‍රී 10ට පෙර පෝළිමට එකතු වෙන්න Read Previous

දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගන්න අද රාත්‍රී 10ට පෙර පෝළිමට එකතු වෙන්න

2026 ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම මාතර දී Read Next

2026 ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම මාතර දී

Realted Post

Leave a comment