දරුපල අහිමි කරන ගර්භාෂ රෝග

 

කාන්තාවක් යනු රටේ පැවැත්මයි. දරුවෙක් වැඩෙන්නේ කාන්තාවකගේ ගර්භාශය තුළයි. කාන්තාවක් ඉපදෙනවිටම ඇයගේ ගර්භාශයේ ඩිම්බ පිහිටා තිබුණත් ඔසප් චක්‍රය ආරම්භ වන්නේ නිරෝගී දරුවකු වයස අවු. 9 සිට 15 අතර කාල සීමාව තුළය. වර්තමානයේ නම් වයස අවුරුදු 4 - 5  අතර කාලයේත් සිදු වේ. ඊට හේතුව හෝමෝන බහුල ආහාර ගැනීමය. දරුවාට වයස 9 - 15 අතර කාල සීමාවේ ඩිම්බ මේරීම පටන් ගනී. ප්‍රජනන පද්ධතිය ක්‍රියාකාරීබවට පත්වන්නේ ඒ සමගය. කාන්තාවකට ඩිම්බ කෝෂ දෙකක් තිබේ. මේ වයසට පැමිණෙන විට ඩිම්බ කෝෂ දෙකෙන් ඩිම්බ මාරුවෙන් මාරුවට ඩිම්බ පිටවෙන්න පටන් ගනී. ඒ සමගම ගර්භාශයේ සිවියක් ඇතිවෙන්නේ එහි ඉපදීමට නියමිත දරුවා ආරක්‍ෂා කිරීමටය. මෙය එන්ඩමෙන්ටි්‍රයම් ලෙස හඳුන්වයි. 


එහෙත්  දරුවකු පිළිසිඳ නොගතහොත් දින 27 - 30 පසු වූ විට එම සිවිය ගැලවී යයි. ඉන්පසු නැවත අලුතින් සිවියක් නිර්මාණය වේ. ගැහැනු දරුවකු වැඩිවිය පත්වූ වූවා යැයි පවසන්නේ එම සිවිය පළමුවරට ගැලවී ගිය විටය. එම ක්‍රියාවලිය හඳුන්වන්නේ ඔසප් චක්‍රය ලෙසය. 


මෙසේ පිටවන රුධිරය ඇතැමුන්ගේ දුඹුරු, කළු හෝ තද කළු පැහැතිය. සමහර විටක කැදලි ලෙසද පිටවෙයි. එසේ වන්නේ ගර්භාශය අපිරිසුදු වූ විටය. මෙවැනි තත්ත්වයක් ඇති කාන්තාවන්ට දරුවන් පිළිසිඳ නොගැනීම, ගබ්සාවීම වැනි ගැටලු ඇති වේ.  


මෙවැනි තත්ත්ව ඇතිවීමට බලපාන හේතු මොනවාද? එසේවීමට හේතු කීපයක් තිබේ. ඒ අතරින් බොහෝ දෙනා සැලැකිලිමත්  නොවන කරුණුත් තිබේ. ගැහැනු දරුවෙක් අඳින ඇඳුම්ද ඊට බලපායි. විශේෂයෙන්ම අපිරිසුදු යට ඇඳුම් ඇඳීම, නිතරම ඇඟට තද ඇඳුම් ඇඳීම, යෝනි ප්‍රදේශය නිතර තෙත්ව තිබීමෙන් ඉක්මනින් බැක්ටීරියා වර්ධනයවීම වැනි හේතු ඒ අතර වේ. 


මෙම තත්ත්වය ගර්භාශයට බලපායි. යෝනි ප්‍රදේශයේ විෂ බීජ වර්ධනය වූ  විට මූත්‍ර මාර්ගය ඔස්සේ විෂ බීජ වකුගඩුවලට බලපෑම්  ඇති කරයි. ගුද මාර්ගය ඔස්සේ විෂ බීජ ආහාර ජිර්ණ පද්ධතියට බලපෑම් කරයි. මේවා දරුපල අහිමිවීමට හේතු වේ. මේ නිසා යෝනි ප්‍රදේශය ඉතා පිරිසුදුව තබා ගැනීමට කාන්තාව සැලකිලිමත්  විය යුතුය. 


දරුවන් නොමැතිවීමට ආහාර, වස විස සහිත පලතුරු එළවළු ආහාරයට ගැනීමද බලපායි. වස විස සහිත ආහාර ලේ අපිරිසුදුවීමටද බලපායි. එයද දරුවන් නොමැතිවීමට මෙන්ම නිරෝගීබවෙන් අඩු දරුවන් ඉපදීමට ද බලපායි.  


අද දියවැඩියාව කොලෙස්ටරෝල්, හෘද රෝග, වකුගඩු රෝග, පිළිකා බහුලය. එදා අපේ මවුවරු දරුවන්ට දුන්නේ වත්තේ හැදෙන අඹ, දොඩම්, වෙරළු, ගස්ලබු ආදිය වුවත් නවීන මවුවරු දෙන්නේ කෘත්‍රිම කෑම බීමය. එදා මවුවරු දුන්නේ අග්ගලා, හැලප, දියබත්, මුං, කවුපි ය. ඒ වෙනුවට අද දෙන්නේ ක්ෂණික ආහාරය. රාත්‍රී ආහාරවේලට පලා වර්ගයක් එකතු කර ගැනීමට සැලකිලිමත් විය යුතුය. 


ලේ අඩුකමින් පෙළෙන දරුවන් වගේම වැඩිහිටියන්ද අපට හමු වේ. ලේ හිඟකමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පලා සහ එළවළු ආහාරයට නොගැනීමය. මේ නිසා අපේ ආහාර රටාව හැකිතරම් පැරණි පැවති රටාව හා අනුගත කළ යුතු වේ. 


දරුවකු බලාගත යුත්තේ කුසයේ සිටින අවදියේ සිටය.   කාන්තාවක් ගන්නා ආහාරපාන වගේම ඇයගේ පිරිසුදුබව, අඳින ඇඳුම් පිළිබඳවද වඩා සැලකිලිමත් විය යුත්තේ එබැවිනි.


ශාන් බන්දු වීරසිංහ


 

මඩකලපුවේ කාන්තා ඝාතනයේ සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි බලකර  විරෝධතාවයක්.. Read Previous

මඩකලපුවේ කාන්තා ඝාතනයේ සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි බලකර විරෝධතාවයක්..

පවුල් ජීවිතයේ ආදරණීය අන්දරය Read Next

පවුල් ජීවිතයේ ආදරණීය අන්දරය

Realted Post

Leave a comment