දරුවාගේ සහජ කුසලතා වර්ධනයට ගර්භනී කාලයේදී මව ලබාගත යුතු ආහාර වර්ග

ඔබේ දරුවාගේ බුද්ධිය ඥානය මතකය මොළය වර්ධනය වැනි සියලුම සහජ වර්ධනයන් මූලික ආරම්භය පටන් ගන්නේ ගර්භනී සමය බව ඔබ දැන සිටියාද? සමහර විට ඔබට හිතෙන්න පුළුවනි කුසේ ඉන්න දරුවට වඩා එයා එළියට ආවහම දරුවා වැඩීගෙන යද්දී තමයි මේවා සිදුවෙන්නේ කියා නැහැ. අපි කතාවටත් කියනවා නේ එයාගේ නම් සහජා හැකියාවක් තමයි මේ තියෙන්නේ කියලා. අන්න ඒ සහජ හැකියාව ජානවලින්ම ඒම පටන් ගන්නේ මවගේ කුස තුළ සිටීදීමයි. ඒ සඳහා විශේෂ බලපෑමක් සිදුවන්නේ ඔබ ගර්භනී කාලයේදී ලබාගන්නා ආහාර සෘජුවම බලපාන බව ඔබ දැන සිටියාද ඒ කෙසේද යන්න අපි සාකච්ඡා කරමු. 


කලළයේදී දරුවාගේ සහජ හැකියාව සිදුවන කාල සීමාවන්. 

ගර්භනී සමයේදී කළලයේ මොළය බුද්ධිය මතක ශක්තිය වර්ධනය වීම ගර්භනී මුල් සති කිහිපයේ සිටම ආරම්භ වීම සිදුවන අතර ගර්භනීභාවය තුන්වන සතියේ ස්නායු පද්ධතියේ මූලික පදනම සැකසීම සිදුවෙනවා. 

මුල් මස පළමු තුන්වන ත්‍රෙයි මාසික කාලයේදී මොළේ ස්නායු සෛල වර්ධනය  හොඳින්ම වර්ධනය වීම සිදුවෙනවා.

දෙවන ත්‍රොයි මාසිකය එනම් හතරවන හයවන මාසයේදී මොළේ සෛල සීඝ්‍රයෙන් වර්ධනය වන අතර  ශ්‍රවණය චලනය පාලනය වන කොටස් වර්ධනය වීම සිදුවෙනවා. 

තෙවන ත්‍රොයි මාසිකයේ එනම් මාස හතක් නමයත් අතර කාලයේදී මොළේ පරිමාව හිතා වේගයෙන් වැඩිවන අතර මතක ශක්තිය හා අවධානය යොමු කරවීමේ හැකියාව  අදාළ සංකීර්ණ සෛල වර්ධනය වන කාලයයි. 

දරුගැබේ මොළයේ වර්ධනය ගැබ් ගැනීම මුල් සති කිහිපය සිටම ආරම්භ වන අතර මාස තුනේ සිට  සති දොළහත් විසිහතර අතර නියුරෝන වේගයෙන් වර්ධනයක් වෙයි.
විශේෂයෙන් හයවන මාසයේ සිට සති විසි හතරෙන් පසු මොළේ සංකීර්ණ ව්‍යුහයන් මතක ශක්තියට අවධානයට බුද්ධියට අදාළ කොටස් වැඩි වේගයකින් වර්ධනය වීම සිදුවෙයි. 

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ගර්භනී සමයේදී මව ලබා ගන්නා පෝෂණය කළලයේ මානසික සංවර්ධනය හා බුද්ධි වර්ධනයට සෘජුවම බලපෑමක් කරවයි. එතනදි බුද්ධි වර්ධනය සඳහා බලපාන ප්‍රධාන ආයුර්වේද ආහාරයන් ලෙස ,

එළඟි තෙල්

මතක ශක්තිය වැඩි කරවීමට හොඳම ඖෂධයක් ලෙස ගැනේ. 
බත් සමග හෝ රත් කළ කිරි වලට තේ හැන්දක් පමණ එකතු කර පානයට ගන්න පුළුවන්. 


එළකිරි

ආයුර්වේදයේදී ජීවන ශක්තිය වර්ධනය කරවන ආහාරයක් ලෙස සළකනවා. මොළේ පටක වර්ධනයට හා ස්නායු පද්ධතියේ සංසුන් බවට උපකාරී වෙයි. 


කජු, ආමන්ඩ්


රාත්‍රියේදී පෙගෙන්න හැර උදෑසන ලෙළි හැර ආහාරයට ගැනීමෙන් බුද්ධි වර්ධනය වේගවත් කරවයි.


ගොටුකොළ 


ආයුර්වේදයේදී බුද්ධි වර්ධනය කරවන ප්‍රධාන ආහාරයක් වන අතර මෙය  මැල්ලුමක් හෝ පානයක් ලෙස සතියකට දින කිහිපයක් භාවිතයට ගන්න පුළුවන්. 


රතු හාල්  හා  මුං ඇට


පෝෂණය මෙන්ම පහසුවෙන් තැම්බෙන දිරවන මෙන්ම ආහාර මගින් සිරුරේ  දෝෂ සමනය කර මොළයට අවශ්‍ය පෝෂණය සපයයි. 

පළතුරු හා වියළි මිදී 


වැල් දොඩම්, නෙල්ලි, රට ඉඳී ,කළු මුද්දරප්පලම් මෙවැනි ආහාරයට ගැනීමෙන් ස්නායු පද්ධතිය සුවපත් කරවයි


ගර්භනී මාසික වර්ධනය අනුව මුල් මාස තුනේ දී කිරි, මී පැණි හා එළඟි තෙල් ස්වල්පයක් එකතුකර පානය කිරීමෙන් ස්නායු පද්ධතිය මූලික වර්ධනයට උපකාරී වේ. 


හතරවන මාසයේදී මනස වර්ධනය වන බැවින් ආමන්ඩ්, එළඟි තෙල්, ගොටුකොළ ආහාරයට වැඩිපුර ලබා ගැනීම සුදුසුයි.


ඒ වගේම උෂ්ණ අධික ආහාර , අධික ඇඹුල් ආහාර ,කරවල,  සැර කෑම වර්ග භාවිතය සීමා කරන්න.


ඕනෑම ඖෂධීය පානයක් දීර්ඝ කාලයක් ගැනීමට පෙර ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න.

 

ඔමේගා 3


සැමන්, තෝරා මාළු, සාලයන් වැනි තෙල් සහිත මාළු වර්ග 

වෝල්නට් ,හණ ඇට වැනි ඇට වර්ග.


ඔමේගා 3  ලැබෙන ගුණ

මොළේ සෛල පටල හා පෙනීම වර්ධනය .


ෆෝලික් ඇසිඩ්

ගොටු කොළ ,කරපිංචා, පරිප්පු, බෝංචි, බෙල්ෆර් 


ෆොලික් ඇසිඩ්වල ගුණ 

ස්නායු පද්ධතිය මොළේ විකෘතිතා වළක්වයි .


අයන් (යකඩ).

ගොටු කොළ, තම්බපු දිය ලබු ,මුරුංගා කොළ,  මස්, පියළි වර්ග 

අයන් වලින් මොළේට ඔක්සිජන් සැපයුම හොඳින් වර්ධනය  සිදුවෙයි .


කෝලින්. 

බිත්තර කහ මදය, රටකජු, පියලි වර්ග 

කෝලීන් මගින් ලැබෙන ගුණ මතක ශක්තිය, ඉගෙනුමේ හැකියාව දියුණු කරවීම. 


අයඩින්.


අයඩින් මිශ්‍රිත ලුණු, මුහුදු මාළු 

අයඩ්න් මගින් බුද්ධි වර්ධනය , තයිරොයිඩ් හෝමෝන නිෂ්පාදනය සිදුවෙයි .

 

මේ අවධියේදී ගුණ රැකගෙන ආහාර සකසා ගන්නා අයුරු.


පළා වර්ග සෑදීමේදී ඕනවට වඩා තැම්බීමෙන් බැඳීමෙන් පෝලික් ඇසිඩ් විනාශ වීමට පුළුවන්. 
එම නිසා ලුණු වතුරෙන් සෝදා සුළු වෙලාවක් මදගින්දරේ ලිප මත තබා ගැනීම හෝ සම්බෝලයක් ලෙස සාදා ආහාරයට ගැනීම කළ හැකියි. 


එළවළු වර්ග වාෂ්පයෙන් තැම්බීමක් සිදු කරගන්න පුළුවන්. 


ධාන්‍ය වර්ග මුං කවුපි කඩල පැල කර පිස ගැනීමෙන් එහි තිබෙන පෝෂණය ශරීරයට උරා ගැනීමේ හැකියාව වර්ධනය කරවයි.


මස් මාළු බිත්තර හොඳින් තම්බා හෝ තෙම්පරාදු කර පිසගෙන ආහාරයට ගන්න. 

එළකිරි හොඳින් රත්කර පානයට ගන්න.

කැෆෙන් අඩංගු පැණි රස පාන සීමා කරන්න. දිනකට තේ කෝප්ප එකකට දෙකකට සීමා කරගන්න. 

මත්පැන් දුම්වැටි පානයෙන් ඈත් වෙන්න. 

ප්‍රමාණවත් නින්දක් පැය අටක / නවයක ලබාගන්න. 

මානසික සුවය යහපත් කරගන්න. 

සුවපහසු ලෙස ඇවිදීම වැනි ව්‍යායාම සිදු කරන්න. 

වෛද්‍ය උපදෙස් මත ඔබට ලබා දී ඇති විටමින් අතිරේක මග නොහැර භාවිත කරන්න. 


දරුවා සමග කතා කරන්න දරුවා කුසේ සිටියත් ඔබව වගේම වටපිටාවේ ශබ්ද හොඳින් ඇසේ ඒ නිසා මෘදු සංගීතයට සවන් දීම වැනි දරුවාගේ ස්නායු හොඳින් සෛල උත්තේජනය වෙන හොඳ ක්‍රියාකාරකම් සිදු කරන්න.

සිරිකත මතක් කළ වසර 41කට එහා ගිය මතකයක්… Read Previous

සිරිකත මතක් කළ වසර 41කට එහා ගිය මතකයක්…

TVS Knowledge Center රාගමට Read Next

TVS Knowledge Center රාගමට

Realted Post

Leave a comment