බත් කන අලුත්ම විදිහ

ලංකාවේ අපි එහෙම නැතිනම් ආසියාතික රටවල මිනිස්සු හුරුවෙලා ඉන්නේ වැඩිපුර බත් කන්න. ඉතින් මේ බත් සමග අපි එළවළු වෑංජන සහ මාළු, බිත්තර එකට ආහාරයට ගන්නවා.  මේ නිසා මේ ක්‍රමය හැකි තරම් ප්‍රායෝගික කරගන්න ඔබ උත්සාහ කළොත් එයින් ඔබට ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ නම් සුළුපටු නැහැ.

මේ ක්‍රමය හැකිතරම් ප්‍රායෝගික කරගන්නෙ කොහොමද කියලා අපි බලමු. ඔබට මතකද අපි ආදර්ශ බත් පිඟානක් ගැන කතා කළා. අපි ඒ ආදර්ශ බත් පිඟාන උදාහණයක් විදියට ගනිමු.

1. ගොටුකොළ සලාද
2. මෑ කරල්
3. බීට්රූට්
4. කුකුළු මස්
5. පරිප්පු
6. කුරුට්ට සහිත සහලේ  බත් සහ   තම්බන ලද කොස්
7. අතුරුපසට පලතුරු

මේ කෑම පිඟාන අපි පසුගිය ලිපියෙන් කියපු පිළිවෙළට කන්න ගියොත් බත් කන්න වෙන්නෙ කොස් සමග පමණයි. මේ නිසා අපි උපක්‍රමයක් යොදනවා.
මොකක්ද දන්නවද උපක්‍රමය?
අපි ගොටුකොළ සලාදය සේරම කන්නෙ නැතිව ඉන්  කුඩා කොටසක් බත් සමග කෑමට ඉතිරි කර ගන්නවා. ඒවගේම අනෙකුත් වෑංජනත් ඒ විදියට සුළු වශයෙන් ඉතිරි කර ගන්නවා. දැන් අපිට පුළුවන් ඉතිරි කරගත් වෑංජන සමග බත් කන්න.
දැන් මොකද වෙලා තියෙන්නේ? අනුපිළිවෙළටත් ආහාර අරගෙන. පුරුදු  විදියටත් ආහාර අරගෙන. ටික දවසක් මේ විදියට කළොත් ඔබට ඉබේම තනි තනිව ආහාර වර්ග ගැනීමේ පුරුද්ද නිතැතින්ම ඇතිවේවි.
ඔබ දන්නවද හැමදෙයකම තියෙන්නේ හුරුවීමක්. අතීතයේ මුතුන් මිත්තන්  අපි දැන් කනවා වගේ බත් පිඟානක් කෑවෙ නැහැ. අපේ මේ ආහාර රටාවට පුරුදුවුණේ පසුකාලීනවයි. දැන් එය නැවතත්  වෙනස් කරන්න කාලය ඇවිත්. ඒ නිසයි අපිට මේ ක්‍රමයට හුරුවෙන්නත්  ඒ තරම් කාලයක් නොයනබව කීවේ.
නැවත කියන්නද?
අපි ඔබට කියන්නේ  බෙදාගන්න බත් පිඟාන අනන්නෙ නැතිව මුලින්ම තිබෙන වෑංජන එකින් එක ආහාරයට ගන්න. බත් ටික කන්න ඒවායෙන් සුළු ප්‍රමාණයක් පමණක් ඉතිරි කරගන්න. අවසානයට බත් සමග ඉතිරි කරගත් වෑංජන ටික මිශ්‍ර කරගෙන ආහාරයට ගන්න.
මෙසේ කළ යුත්තේ වෑංජන නැතිව බත් කොටස ආහාරයට ගන්න පුරුද්දක් ඇති කරගන්නා තුරු පමණයි.
ඉන්පසු අලුත් ක්‍රමයට හුරුවෙමු.
අලුත් ක්‍රමයෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ අති මහත්. ඒ ගැන කතාව ඊළඟට.....

 

 

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය Read Previous

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

අවැපහැ වූ දෙතොල් රෝස පාට කරගන්න Read Next

අවැපහැ වූ දෙතොල් රෝස පාට කරගන්න

Realted Post

Leave a comment