මේ විදියට ජීවත් වුණොත් ජීවිතේම නිරෝගී වෙයි

මේ ලෝකයේ තියෙන උතුම්ම සැපය තමයි නිරෝගී කම කියන්නේ. ලොකු පොඩි හැමෝටම නිරෝගී භාවය සෞඛ්‍යමත් ජීවිතයට වැදගත්.

තරැණ වයසේ පසු වන ඔබට  නිරෝගී කම ගැන අවධානය යොමු කරන්න වෙලාවක් කාර්යබහුලත්වය නිසා නැතුව ඇති. නමුත් එය  ඔබේ අනාගතයට බලපෑම් ඇති කරවයි.

ඒ නිසා ම වයස අවුරුදු 20- 30- වගේ කාලසීමාවන් වල දී ත් නිරෝගී ව ඉන්න සෞඛ්‍යමත් ජීවන රටාවක් අනුගමනය කරන්න.

ඔබ ගන්නා ක්ෂණික ආහාර පාන වෙනුවට  එළවළු, පලතුරු ආහාරයට ගන්න. තෙල්,පිටි, සීනී භාවිතය අවම කරමින් ජලය දවසකට ලීටර්  පහක් වත් පානය කරන්න.

ගොඩක් වෙලාවට වර්තමාන තරැණ තරැණියන් වැඩි වශයෙන් දුම් පානයට යොමු වෙලා තියෙනවා.ඒකට හේතූන් විදියට ඔවුන් කියන්නේ කාර්යබහුලත්වය නිසා ඇති වන ආතතිය මග අරවා ගන්න දුම් පානය උදව් වෙනවා කියලයි.නමුත් එයින් ඔබේ පෙනහැලි, අක්මා,වකුගඩු වගේ ශරීර අභ්‍යන්තර අංග වලට බරපතල හානි සිදු වෙනවා.එය මාරාන්තික රෝග වලට මග පාදනවා.

ඒ වගේම තරැණ පරපුර  තමන් ගේ නිරෝගී බව වෙනුවෙන් කර ගන්න තිබෙන පරික්ෂණ සිදු කර ගන්න මැලි කමක් දක්වනවා.නමුත් එය ඔබේ නිරෝගී බව නැති කරන්න හේතූ වෙනවා.බෝ නොවන රෝග සහ නිරෝගී බව රකින්නට  උදව් වන පරීක්ෂණ කර ගැනීම සුවවත් ජීවිතයකට මග පාදයි.

ඔබේ ශරීරය නිරෝගීව තිබුණොත් තමයි ඔබේ මනසත් යහපත් ලෙස ක්‍රියාත්මක වෙන්නේ.ශරීරයට  අවශ්‍ය  හොද  නින්ද,පෝෂ්‍යදායී ආහාර,ජලය පානය කිරීම,ව්‍යායාම වගේ දේවල් ඔබේ ජීවිතය හැඩ කරන්න උදව් වෙනවා.ඒ නිසා ඔබ කෙතරම් කාර්යබහුල වුවත් තම ශරිර සෞඛ්‍යය වෙනුවෙන් අවධානය  වෙන් කරන්න අමතක කරන්න එපා.

අදහස් දැක්වීම -  වෛද්‍ය බුර්හානුදීන් හම්සා මහතා
කොළඹ ජාතික රෝහල.

සටහන  දුල්ෂරා මධුවන්ති

සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය  සහ විවාහක අවුරුදු කුමරා කුමරිය  2026 Read Previous

සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය සහ විවාහක අවුරුදු කුමරා කුමරිය 2026

මඩකලපුවේ කාන්තා ඝාතනයේ සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි බලකර  විරෝධතාවයක්.. Read Next

මඩකලපුවේ කාන්තා ඝාතනයේ සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි බලකර විරෝධතාවයක්..

Realted Post

Leave a comment