වැඩි රස්නෙ නිසා හැදෙන අසාදන

අධික රස්නය නිසා සමේ මතුවන ආසාදනවලට සිදු කළහැකි ප්‍රතිකාර කිහිපයකි මේ. 

  • කොමඩු, තැඹිලි, බෙලි මල් වැනි ස්වභාවික පාන වර්ග ලබාගන්න.
  • හොඳින් වතුර පානය කරන්න. 
  • දහදිය බිබිලි රතු වූ සමට නැවුම් කෝමාරිකා යුෂ ආලේප කරන්න. 
  • දින දෙකකට වඩා රෝග ලක්ෂණ පවතී නම් අත් බෙහෙත් නොකළ යුතුයි. 

අත් බෙහෙත් ඔබ නිවසේදී කළ යුත්තේ සාමාන්‍ය සුළු අසනීප රෝග ලක්ෂණ පහළ වූ විටයි. එය දිනෙන් දින වැඩිවන විට රෝග ලක්ෂණ වලට අත් බෙහෙත් කර කර සිටීම මෝඩකමක් විය හැකියි. ඒ නිසා දින දෙකකට වඩා රෝග ලක්ෂණ පවතී නම් ඔබට වෙනත් අපහසුතා සිරුරෙන් දැනූණැ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදුකරන්න. 

සාමාන්‍ය උණට ඔබ පෙර සිටමෝල් ඖෂධය  භාවිතය හැර වෙනත්  වේදනා නාශක වෛද්‍ය උපදෙස්වලින් තොරව භාවිත නොකරන්න. 

ඒ වගේම ගර්භනී මව්වරුන්, බෝ නොවන රෝග, අවුරුදු දෙකට අඩු දරුවන් මෙවැනි රෝග ලක්ෂණ මතු වූ විගස වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදුකරන්න. 

යහපත් ජීවන රටාව සඳහා ඔබව නිරෝගී කරවයි. 

වතුර උතුරුවා නිවා පානයට ගන්න. ඒ වගේම හොඳින් වතුර පානයට ගන්න. 

ඔබට යම්කිසි සිරුරේ අසනීපයක් පවතී නම් හොඳින් විවේකීව සිටින්න. 

ඒ වගේම ඔබට යම් ආසාදන තත්ත්වයක් හෝ පවතී නම් මුඛ ආවරණයක් භාවිත කරන්න. 

ඔබට මෙවැනි රෝග ලක්ෂණ තිබේනම් පොදු ස්ථානවලට යාමෙන් වළකින්න. 

මෙවැනි කාලවලදී නිවැරදි සෞඛ්‍ය පුරුදු මගින් පවුලේ හා ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාව හොඳින් තහවුරු කරගැනීමට හැකියි
 

සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - ආයුර්වේද වෛද්‍ය, ඉමාෂා උඩවත්ත.

බෙහෙත් බොන්න හොර සීතාට ගැළපෙන්න ආ දන්ත කණ්ඩුල හෙයියන්තුඩුවේ රාමා වූ හැටි Read Previous

බෙහෙත් බොන්න හොර සීතාට ගැළපෙන්න ආ දන්ත කණ්ඩුල හෙයියන්තුඩුවේ රාමා වූ හැටි

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය Read Next

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

Realted Post

Leave a comment