වැසි සමයත් සමඟ ඔබේ පාද රැකගන්න

මේ දිනවල පවතින වැසි සමයත් සමඟ ඔබේ පාද රැකගැනීම ගැන වඩාත් සැලකිලිමත් විය යුතු කාලයක්. වැහි වතුර කියන්නේ පාද වලට ආසාදනයන් නිතර නිතර මතුවන තත්ත්වයක්. එවැනි ආසාදන මතුවීමේදී කළ හැකි ස්වභාවික සත්කාර කිහිපයකි මේ.


වැසි සමයේදී මතුවන පාද ආසාදන 

දිලීර ආසාදන

ඇඟිලිකරු අතර සම සුදුවීම,සම ගැලවීම 

නිය ආසාදන

නියපොතු අව පැහැ ගැන්වීම, ගනවීම හෝ කැඩී යාම


බැක්ටීරියා ආසාදන 

පාදවල ඇතිවන සීරීමකින් හෝ තුවාලයකින් බැක්ටීරියා ඇතුළු වී පාද තදින් ඉදිමුම, සැරව පිරීම. 

දිය මැටි කෑම

ලක්ෂණ 

ඇඟිලිකරු අතර දැඩි කැසීම, දැවිල්ල, සම රතු වීම, පැලීම කුඩා බිබිළි දැමීම , ඇඟිලිකරු අතර සම සිදුවීම ,නියපොතු තද පැහැගැන්වීම ,ගනවීම, කැඩීයාම, ඉදිමුම, සැරව පිරීම. 


හේතු

අපිරිසිදු වූ වැසි වතුර භාවිතය, මඩ පාදවල දිග වෙලාවක් රැඳීම, තෙත සපත්තු /මේස් දිගුවේලා පැළඳීම ,පාද අපිරිසුදු බව තෙතමනය වර්ධනය වීම. 


ස්වභාවික සත්කාර

ලුණු වතුර සත්කාරය

බේසමක්  ඇල් මැරුණු වතුර සහ ලුණු කැට ස්වල්පයක් එකතුකර එම වතුරට පාද දමා විනාඩි දහයක් පමණ තැබීම. මෙම සත්කාරය විෂබීජ නාශකයක් . 


කහ මී පැණි ආලේපනය. 

අමු කහ හා මී පැණි මිශ්‍ර කර ඇඟිලි කරු අතර ආලේප කර විනාඩි විස්සක් පමණ  තබා සෝදා හරින්න.

ස්වභාවික විෂබීජ නාශකයකි. 

කොහොඹ අමු කහ සත්කාරය. 

කොහොඹ කොළ හා අමු කහ අඹරා පාද වල ආලේප කර විනාඩි 20ක් තබා සෝදා හරින්න. 

ඖෂධීය පාද සේදීම.

කොහොඹ කොළ තැමිඹු වතුරෙන් පාද සෝදන්න 


දෙහි යුෂ පොල්තෙල් සත්කාරය

පොල්තෙල් මේස හැන්දකට ,දෙහි යුෂ බිංදු කිහිපයක් එකතුකර පාද සම්භාහනය කරන්න. 
දිලීර ආසාදන වළක්වයි. 


සැවැන්දරා හෝ  Tree Tea Oil සත්කාරය

ඔයිල් බින්දු කිහිපයක් පොල්තෙල් සමග මිශ්‍ර කර ඇඟිලි කරු අතර ආලේපනය කරන්න. 

එහෙම නැත්නම් සැවැන්දරා කුඩු පාද අතර ආලේප කර විනාඩි 20ක් තබා සෝදා හරින්න. 


විනාකිරි සත්කාරය

මේ සඳහා ඇපල් සයිඩර් , සහෝ සුදු විනාකිරි කෝප්ප කාලාක්, වතුර බේසමකට එකතු කර විනාඩි දහයක පමණ කාලයක් එම වතුරේ පාද ගිල්වා තබන්න.
සමේ පී .එච් අගය පාලනය කරන දිලීර අසාදන නසයි. 

කළු තේ සත්කාරය

තද තේ කොළ තම්බා ඒ වතුර මද රස්නෙකර විනාඩි විස්සක් පමණ පාද දමා තබන්න. මෙමගින් පාදවලට අධික දහඩිය දැමීම පාලනය කරයි.


සුදුලූණු පොල්තෙල් සත්කාරය


සුදුලූණු බික් කිහිපයක් තලා පොල්තෙල් ස්වල්පයක්  සමඟ රත් කර නිවුණු පසු ඇඟිලි කරු මත ආලේප කරන්න. ස්වභාවික ප්‍රබල  ප්‍රතිජීවක සත්කාරය.

 

මෙම සත්කාර සතියකට තුන් වරක් හෝ දිනක් කර රාත්‍රී කාලයේදී භාවිත කරන්න

ආසාදන බෝවිය හැකි බැවින් භාවිත කරන උපකරණ වෙනම භාවිත කරන්න. 
බෝ නොවන රෝග දියවැඩියාව ,වකුගඩු රෝග, ප්‍රතිශක්ති හීන පුද්ගලයන් තම පාද ගැන නිතර අවධානය සිටින්න වගේම අන් අයත් පාද ගැන නිතරම අවධානය යොමු කරන්න. 

බාහිර පරිසරයට යාමේදී පාවහන් භාවිත කරන්න 

වියළි සපත්තු / මේස් පළඳින්න. 

ප්‍රතිශක්තිය වඩවන ආහාරපාන ලබා ගන්න. 

නිතරම වතුර පානය කරන්න. 

සැර කෘතිම ආහාර වලින් වැළකෙන්න. 

ඒ වගේම අමු කහ ,සුදුලූණු, ඉඟුරු ගම්මිරිස් , කුළුබඩු නිතර භාවිතා කරන්න. 

පාද සෝදා වියළිව තබාගන්න.


මෙම සත්කාර නොකළ යුතු පිරිස්

පාදවල රුධිරය, සැරව ගලන පාද, තුවාල පවතී නම් සම ගැලවී තදින් දැවිල්ල පවතිනම් එවැනි අය මෙම සත්කාර සිදු නොකරන්න.

 

 

සටහන
මහේෂානි මීගහපොල.


උපදෙස්
ආයුර්වේද වෛද්‍ය ඉමාෂා උඩවත්ත

වැසි සමයත් සමඟ ඔබේ පාද රැකගන්න Read Previous

වැසි සමයත් සමඟ ඔබේ පාද රැකගන්න

පාසල් රග්බි පිටියේ ත්‍රිත්ව සිංහයෝ අපරාජිතව ඉදිරියටම Read Next

පාසල් රග්බි පිටියේ ත්‍රිත්ව සිංහයෝ අපරාජිතව ඉදිරියටම

Realted Post

Leave a comment