වියළි කාලගුණයත් සමග ඉස්මතු වන චර්ම රෝග වලට පිළියම්

අපේ රටේ  කාලගුණික දේශගුණික වෙනස් වීම්වලට විවිධ කාලවලදී මුහුණ දෙන්න අපට සිදුවෙනවා. එහිදී අපේ බාහිර වගේම අභ්‍යන්තර සමෙනුත් එම වෙනස්කම් හොඳින් ඉස්මතු වෙන්න ගන්නවා. ඉන් එක් පීඩාකාරී අවස්ථාවක් ලෙස වියළි කාලගුණික තත්ත්වයක් සමග ඉස්මතු වන රූපලාවණ්‍ය වගේම රෝග අවස්ථාවක් ලෙස චර්ම රෝග හඳුනාගන්න පුළුවන්. මේවර    කතා කරන්න හදන්නේ වියළි කාලගුණක  තත්ත්වයන් සමඟ මතුවන චර්ම රෝග සඳහා නිවසේදී අප අවට ඇති ස්වභාවික අමුද්‍රව්‍ය යොදා චර්ම රෝග සඳහා කළ හැකි පිළියම් සම්බන්ධවයි. 


වියළි කාලගුණයත් සමඟ චර්ම රෝග මතුවීමට හේතු

විශේෂ හේතුව නම් වියළි කාලගුණය හේතුවෙන් සමේ තෙතමනය බොහෝ දුරට අඩුවීමයි. 


එතනදි මතුවන ලක්ෂණ 


ඉරිතලා, කොරපොතුමෙන් දිස්වීම ,තුවාල වීම, කැසීම, දද කුෂ්ඨ මතුවීම සම අඳුරු පැහැති වීම,වයසට වඩා වයසක පෙනූමක් බාහිරින් පෙන්වීම වැනි බොහෝ ලක්ෂණ පෙන්නුම් කරයි. 

මේ සඳහා නිවසේදී කළ හැකි සත්කාර

ස්වභාවික තෙතමන කාරකයක් ලෙස

තල තෙල් , පොල්තෙල් , එඬරු තෙල් ,  ඔලිව් තෙල් වැනි ඔබ කැමති තෙල් වර්ගයක් ගෙන මදක් රත් කර එය මද උණුසුම් සහිතව තිබියදී දිනපතා හෝ ස්නානයට පෙර ආලේප කර සම්බාහනයක් සිදුකර  විනාඩි පහළොවක් ,විස්සක් තබා සෝදා හරින්න. 


කෝමාරිකා යුෂ, මී පැණිවල මිශ්‍ර කර ආලේප කර විනාඩි පහළොවක්, විස්සක් තබා සෝදා හරින්න.


නැවුම් කිරි ,පිපිඤ්ඤා යුෂ, කහ කුඩු මේ සියල්ල මිශ්‍ර කර ආලේප කර විනාඩි පහළොවක්‌, විස්සක් තබා සෝදා හරින්න.

  • අව පැහැ වූ ස්ථාන පැහැපත් කරගැනීමට.

සුදු හදුන් කුඩු, වැල්මදට කුඩු, කෝමාරිකා යුෂ ආලේප කිරීම. 

 

  • කැසීම් වලට සේදුම් කාරකයක්.

අමු කහ , වෙනිවැල් ,කොහොඹ කොළ තැම්ඹු මද උණුසුම් ජලයට පාද දමා විනාඩි පහළොවක් පමණ කාලයක් සිටින්න.

 

  • කැසීම් නිසා මතුවන තුවාල වලට. 

ඉහත ඖෂධීය වතුරෙන් සෝදා පසුව කෝමාරිකා යුෂ , අමු කහ, මී පැණි එකට මිශ්‍ර කර ආලේප කරන්න.

ඉහත ඖෂධීය වතුරෙන් සෝදා කෝමාරිකා යුෂ, සුදු හඳුන් එකට මිශ්‍ර කර ආලේප කරන්න.
දද ,කූෂ්ඨ.

අමු කහ ,කොහොඹ කොළ, ගංසූරිය කොල ,පොතු තම්බා මද උණුසුම් වතුරෙන් දද ,කූෂ්ඨ  සෝදන්න.

අරලු ,බුළු, නෙල්ලි තම්බා එම වතුරෙන් සෝදන්න. 

මදුරු තලා කොළ ,අමු කහ කොටා  දද ,කුෂ්ඨ  ඇති ස්ථානවල බඳින්න. 

ඇත්තෝර දළු ,අමු කහ අඹරා දද කූෂ්ඨ  ඇති ස්ථානයේ බැඳ විනාඩි විස්සක් පමණ තබා ඉවත් කරන්න. 

කොහොඹ කොළ, අමු කහ , වෙනිවැල්ගැට කුඩු එකට කොටා දද ,කුෂ්ඨ ස්ථානය බඳින්න. 

  • ජීවන රටාව ආහාර කලාව යහපත් කරගන්න. 
  • දිනකට ප්‍රමාණවත් තරම් වතුර පානය කරන්න. 
  • පෝෂ්‍යදායි ආහාර වගේම සමහි තෙතමනය රඳවන ආහාර  වන ගොටුකොළ, පිපිඤ්ඤා ,නිවිති, කොමඩු, කැකිරි ,සාරණ වැනි ආහාර නිතර කෑමට එකතු කරගන්න .
  • රණවරා ,බෙලිමල් ,නෙල්ලි/ රසකිද ,ඉරමුසු  ට්‍රිපලා කෂාය වැනි ඖෂධීය තේ පාන නිතිපතා භාවිත කරන්න. 
  • සිසිල් ජලය ස්නානය කරන්න.  
  • හොඳ ප්‍රමිතිගත උසස් තෙතමනය රඳවන ආලේපන භාවිත කරන්න. 
  • කපු , සැහැල්ලු ඇඳුම් භාවිතා කරන්න. 
  • සැර සේදුම්කාරක භාවිත නොකරන්න.

සටහන
මහේෂානි මීගහපොල 
උපදෙස්
ආයුර්වේද වෛද්‍ය මදුෂානි විජේසේකර.

තාරුණ්‍යය රකින මැටි සත්කාර Read Previous

තාරුණ්‍යය රකින මැටි සත්කාර

වියළි කාලගුණයත් සමග ඉස්මතු වන චර්ම රෝග වලට පිළියම් Read Next

වියළි කාලගුණයත් සමග ඉස්මතු වන චර්ම රෝග වලට පිළියම්

Realted Post

Leave a comment