සීනි ආදේශක කෑමට ගැනීම සුදුසුද
සීනි කියන දේ සිරුරට අත්‍යවශ්‍යයි . නමුත් ඕනවට වඩා ඕනම දෙයක් ඕනෙම නෑ කියනවා වගේ සිනිත් වැඩිපුර අපේ සිරුරට එක් කර ගැනීමෙන් නිරෝගී බවට බාධා වීමට පුළුවන් .
නමුත් දැනගෙන සීනි ගැනීමෙන් රෝගී නොවී සිටිය හැකියි.
ඒ කොහොමද? කියලා වෛද්‍ය තුමාගෙන් අසා දැනගනිමු.
සිරුරට සීනි අවශ්‍ය ඇයි.?
සීනි සිරුරේ ප්‍රධාන ඉන්ධන මුලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි.
ශක්තිය ලබාදීම/ මොළේ ක්‍රියාකාරීත්වය/ පේෂි සහා අවයව ක්‍රියාකාරිත්වයට/ රුධිර සීනි ප්‍රමාණය සමතුලිතතාවයට/ ශරීර පටක වර්ධනයට/ ප්‍රතිසංස්කරණයට අත්‍යවශ්‍යයි.
දිනකට අවශ්‍ය සීනි ප්‍රමාණය.
වැඩිහිටියන් සඳහා ග්‍රෑම් 25ත් ග්‍රෑම් 50 පමණ. එනම්, තේ හැඳි හයක්/ දොළහත් අතර.
දරුවන් සඳහා තේ හැඳි හයක් එහෙම නැත්නම් ග්‍රෑම් 25 ක්.
යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබෙනවා.
ස්වභාවිකව ලබාගත හැකි සීනි ආහාර වර්ග.
- පලතුරු.
- කෙසෙල්/ කොමඩු/ගස්ලබු/ තැඹිලි.
- කාබෝ හයිඩ්‍රේට්.
- බත් /රොටි/ අල/ කුරක්කන්.
- වෙනත් ආහාර වර්ග ලෙස පොල් වතුර /මී පැණි/ හකුරු.
මෙවැනි ස්වභාවික ආහාර වලින් සීනි සිරුරට ඇතුළු වනුයේ හිතාමත් සෙමෙන් නිසා එය සිරුරට හිතකරයි.
නමුත් කෘතිමව අධික සීනි භාවිතය දියවැඩියාව/ හෘද රෝග වැනි බෝ නොවන රෝග වලට මග පෑදීමක් සිදුකරයි.
සීනි ආදේශකයන් ශරීරයට වැඩි කැලරි ප්‍රමාණයක් ලබාදෙන රස කාරකයන්.
කෘතිම (Aspartame).
Sucralose.
Saccharin .
බොහෝ ඖෂධ වල අඩංගුයි.
ස්වභාවිකව සීනි ආදේශකයන් ලෙස.
සීටිව්යා ශාකයෙන් ලබා ගන්නා යුෂ.
මන්ක්ෆෘටි ශාකයෙන් ලබා ගන්නා යුෂ.
සුගර් ඇල්කොහොල් කාණ්ඩය.
සීනි ආදේශක ලබා ගැනීමේදී සැළකිය යුතු කරුණු සහ වාසි.
සීනි ආදේශක භාවිතයෙන් රුධිර ග්ලූකෝස් මට්ටම වේගවත්ව වැඩි නොවන නිසා දියවැඩියා රෝගීන් භාවිත කළ හැකියි.
උදාහරණ ලෙස,
Stevio.
Aspartame.
Sucralose.
බර පාලනයට සහ කැලරි අඩු කිරීමට.
සාමාන්‍ය සීනි වලට වඩා අඩු කැලරි හෝ ශූන්‍ය කැලරි ඇති විට බර අඩුකිරීමට උත්සාහ කරන කෙනෙකුට වාසිදායකයි. උදාහරණ ලෙස ,ඩයර්ට් ෆුට් සහා සුගර් Free ආහාර වලදී බහුලව භාවිත කළ හැකියි.
සීනි ආදේශකයක් භාවිතයේදී අවාසි.
වැඩිපුර භාවිතයෙන් ආහාරවල වෙනස්කම් ඇතිවිය හැකිය .
සාමාන්‍ය සීනි රසයට වඩා සීනි ආදේශකයන්ගේ රසය වැඩි නිසා ආහාර රුචිකත්වය වැඩිවිය හැකියි.
සමහර ආදේශකයන්ගේ අතුරු ප්‍රතිඵල ඇතිවිය හැකියි.
ආතතිය/ හිසරදය/ගබ්සාව / මූත්‍ර ආසාදන/ ආජීරණ.
ආහාර ජීර්ණ සහා ආහාර රටාවන් වලට බාධා ඇතිවීම .
කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය අඩංගු බැවින් දිගුකාලීන අහිතකර තත්වයන් ඇතිවීම .
සුගර් ෆ්‍රී වුවත් මේදය/ සෝඩියම් වැඩිපුර ඇතුළත් වීමෙන් සෞඛ්‍යයට අහිතකර වීමට පුළුවන්.
සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස්.
වෛද්‍ය ප්‍රසංජය විතානගේ.
ආයතන භාර වෛද්‍ය නිලධාරී,
ප්‍රාදේශීය රෝහල.
අකරගම.

Leave a comment