සුද යාම රෝගී තත්ත්වයක්

වර්තමානයේදී බොහෝමයක් කාන්තාවන්ට පවතින රෝගී තත්ත්වයක් වශයෙන් සුද යාම හඳුනාගත හැකියි. මෙම රෝගය බොහෝ කාන්තාවන් සඟවාගෙන සිටින අතර ප්‍රතිකාර සඳහා යොමුවීමට මැලිකමක් දක්වයි. එලෙස ප්‍රතිකාර නොගෙන මෙම රෝගී තත්ත්වය සඟවාගෙන සිටීම මගින් පසුකාලීනව ගැටලු ඇති විය හැකියි. 

මෙහිදී සිදුවන්නේ සුදු පැහැති දියරයක් යෝනි මාර්ගයෙන් සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධිකව පිටවීමයි. එම ශ්‍රාවය සුදු පැහැති හෝ කහ පැහැයට හුරු කැදලි සහිත ඇලෙන සුළු ශ්‍රාවයකි.  මේ නිසා යෝනි මාර්ගය අසල නිතර තෙත් බව සහ කැසීමත් කාන්තාවන්ගේ යටි උදරයේ, කටී ප්‍රදේශයේ වේදනාවත්, සිරුරේ බර අඩුවනන බවත් පෙන්නුම් කරයි. එමෙන්ම ආහාර අරුචිය, සිරුර අප්‍රාණික වීම, යෝනි මාර්ගය ආශ්‍රිත කැසීම, රතු වීම, මූත්‍රා කිරීමේදී දාහයද  ඇතිවිය හැකියි. 

ඔබ තරමක් වයස්ගත නම් සහ දුඟදව ස්‍රාව පිට වෙයි නම්  ගැබ්ගෙල පරීක්ෂාවක් සිදු කළ යුතුමයි. 


සුදයාමට හේතු 

  •  උෂ්ණ අධික ආහාර හා පිටි, සීනි අධික ආහාර වැඩිපුර භාවිත කිරීම
  •  පිරිසිදු කපු යට ඇඳුම් භාවිත නොකිරීම
  •  ගර්භාෂගත රෝග තත්ත්ව 
  •  මානසික ආතතිය 
  •  දියවැඩියාව හොඳින් පාලනය නොකළවිට 
  •  රක්තහීනතාව ආදී රෝගතත්ත්ව
  •  උපත්පාලනය සඳහා බලපාන උපාංග ද හඳුනාගත හැකියි. 
  • එමෙන්ම ලිංගාශ්‍රිත රෝගවල මූලික රෝග ලක්ෂණයක් ලෙස මෙය සිදු විය හැකියි. 

රෝගය වළක්වා ගැනීමට

  • කපු යට ඇඳුම් හොඳින් පිරිසිදු කර, හිරු එළියේ හොඳින් වියළා ගැනීම
  • ඇඹුල් සහ උෂ්ණ අධික ආහාරවලින් වැළකීම
  •  මානසික සුවය ගෙන දෙන ක්‍රියාකාරකම්වල නිරතවීම
  •  අනාරක්ෂිත ලිංගික සබඳතාවලින් වැළකීම
  •  සමබල ආහාර ගැනීම මගින් මෙම රෝග තත්ත්වය වළකාගත හැකියි. 

මේ සඳහා නිවසේ සිට සිදු කළ හැකි ප්‍රතිකාර 

  • හාතාවාරිය , වැල් පෙනෙල, කොළ කැඳ ලෙස සකස්කර පානය කිරීම
  • කෝමාරිකා මද ව්‍යංජනයක් හෝ පානයක් ලෙස සකස්  කර ගැනීම.
  • නෙල්ලි රසකිඳ තැම්බූ වතුර, රණවරා තැම්බූ වතුර පානය කිරීම.
  • දිය බත් ආහාරයට ගැනීම.
  • කොත්තමල්ලි ඇට සෝදා වියළා රාත්‍රියෙහි වතුරට දමා තබා පසු දින උදේ හිස්බඩ පානය කිරීම.
  • බාර්ලි තැම්බූ වතුර පානය කිරීම.
  • සිරුර සිසිල් කරන ආහාර ගැනීමද කළ හැකියි. 

යෝනි මාර්ගය අසල කැසීම සහ දැවිල්ල ඇත්නම් 

  • නුගපොතු, බෝපොතු, අත්තික්කා පොතු, ගංසූරිය කොළ පොතු, අමුකහ තම්බා එම දියරයෙන් යෝනි මාර්ගය හොදින් තෙමෙන ලෙස වාඩි වී සිටීම කළ හැකියි. 
  • මෙහිදී ආයුර්වේදීය පිළියම් ලෙස ප්‍රථමයෙන් මෘදු විරේක ඖෂධ වලින් සිරුර ශෝධනය කර ස්ථම්භ ඖෂධ, කසාය වර්ග, ඖෂධීය චූර්ණ ලබාදෙයි.  රක්තය වඩවන ඖෂධ ලබා දී ආසාදන නැති කරන ප්‍රතිශක්තිය වඩවන ඖෂධ ලබාදීම සිදු කරයි. 


සටහන: විශ්වනී හසලා                         

උපදෙස්: ආයුර්වේද වෛද්‍ය කේ. ලකීෂා මධුෂාණි

කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන්  ජාතික ව්‍යාපාරයක් Read Previous

කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ජාතික ව්‍යාපාරයක්

මඩකලපුවේ කාන්තා ඝාතනයේ සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි බලකර  විරෝධතාවයක්.. Read Next

මඩකලපුවේ කාන්තා ඝාතනයේ සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි බලකර විරෝධතාවයක්..

Realted Post

Leave a comment