සුව නින්දක්ද ලබා දෙන නිල් කටරොලු

නිල් කටරොලු මලේ ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය (Antioxidants ) නිසා වයසට යාම පමා කරගන්න පුළුවන් .අපි කවුරුත් කැමතිනෙ තරුණ බව රැක ගන්න. ඔන්න ඕගොල්ලන්ට දැන් සරලව ලොකු මුදලක් වැය නොකර ස්වභාවිකව වයසට වඩා අඩු වයසක් පවත්වා ගන්න පුළුවන් මේ හරහා.

මානසික ආතතිය කියන්නේ රුව අවලස්සන කරන දෙයක් .ඒ වගේම සුව නින්දක් නොලැබීම ඔබේ රුව මෙන්ම ගතේ නිරෝගීභාවය නැති කරන සාධකයක් .මේ සියල්ල වගේම දවසේ වැඩ කරල හෙම්බත් වූ ඔබට දවසේ වැඩ අවසන් කරල නිල් කටරොලු පානයක් සකසා බීම තුළ මානසික විඩාව/ පීඩනය අවම කරගන්න රුකුලක් වේවි .මෙහි ඇති ඇන්ටිඔක්සිකාරක මොලයේ ඇති ස්නායු ලිහිල් කිරීම නිසා සුව නින්දක්ද ලබා ගන්න උපකාරී වෙනවා . මතකය වර්ධනයටත්, මොළයේ සෛල වර්ධනයටත් උදව් වෙනවා.

නවතම පර්යේෂණ වලින් සනාත වෙලා තියෙනවා මෙම මල් වලින් සාදන පානයක් ප්‍රදාන ආහාර වේල් අතර තුර ගැනීමේ හැකියාව තිබෙන බව. එයින් දෙවන වර්ගයේ දියවැඩියාව පාලනය කිරීමේ හැකියාව පවතින බව තහවුරු වී තිබෙනවා.

හදවත් ආශ්‍රිත රෝග පාලනයට කටරොලු මලේ ඇති ඇන්ටිඔක්සිකාරක උදව් වන අතර කොලෙස්ටරෝල් ද අඩු කිරීමේ හැකියාව පවතිනවා .

එසේම කේෂ මූල වලට රුධිර සංසරණය ක්‍රමවත් කිරීම තුළ නීරෝගී කෙස් කලඹකට උරුමකම් කීමේ හැකියාව ලැබෙනවා .

වා/පිත් / සෙම් තුන් දොස් සමනය , සෙම/ කැස්ස / ඇදුම රෝග වලට සුවයක් ද, සන්ධි රෝග ,හිසේ කැක්‌කුම ,මුඛය ආශ්‍රිත රෝග ,ගර්භාෂ රෝග මෙන්ම ඇතැම් අවස්ථා වලදී වේදනා නාශක ලෙසද භාවිතයට ගන්න පුළුවන් .

කටරොලු මලේ ඇති ප්‍රතිඔක්සිකාරක ආහාර ජීර්ණය ක්‍රමානුකූලව සිදු කරන්නද උපකාරී වෙනවා. සිරුරේ කැලරි දහනය කරන්න , අක්මාව ආශ්‍රිත ආසාදන සුව කරන්න උදව් වෙනවා. මෙම ක්‍රියාවලියට වඩාත්ම උදව් වන්නේ මලේ ඇති EGCG (Epigallocatechin gallate) සංඝටකයය.

නිල් කටරොළු මල් පානය සකසා ගැනීම ඉතා පහසුයි.බලන්නකො ඔබත් හදල බීලා ගුණ රස කොහොමද කියලා .

නිල් කටරොළු මල් කිහිපයක් ගෙන සෝදා උණුසුම් වතුර වීදුරුවකට දමා විනාඩි කිහිපයක් වසා තබන්න .එ් උණුසුම් ජලයට නිල් පාට එකතු වූ පසු පෙරා දෙහි බිංදු කිහිපයක් , ලුණු හා මී පැණි මිශ්‍ර අවශ්‍ය නම් එකතු කර පානය කරන්න . ⁣

මෙයට අමතරව නිල් කටරොළු මල් වේලා කුඩුකර වියලි හා ආරක්ෂිතව ඇසුරුම් කර තබා ගන්න පුළුවන් .එයින්ද පානය සකස් කර ගත හැකියි .

වර්ණකාරකයක් ලෙසත් නිල් කටරොළු මල් යුෂ ඉඳිආප්ප ,පිට්ටු , අයිස් ක්‍රීම් , ජෙලි ආදියට මිශ්‍ර කර භාවිතා කළ හැකියි .

ආයුර්වේද වෛද්‍ය චේතිකා නාගහවත්ත රක්වාන ආයුර්වේද රෝහල

සටහන - මහේෂානි මීගහපොල

ලෝකයක් ආදරේ කරන රතු රෝස මල යන්න ගිහින් වසර 28ක් Read Previous

ලෝකයක් ආදරේ කරන රතු රෝස මල යන්න ගිහින් වසර 28ක්

එතකොට අපිට කවදහරි අපරාදෙ කියලා කියන්න බැරි වේවී...    ජනප්‍රිය රංගන ශිල්පී සුරාජ් මාපා සමග කතාව විත් අශ් සිරිකත Online Read Next

එතකොට අපිට කවදහරි අපරාදෙ කියලා කියන්න බැරි වේවී... ජනප්‍රිය රංගන ශිල්පී සුරාජ් මාපා සමග කතාව විත් අශ් සිරිකත Online

Realted Post

Leave a comment