හිරු එළියෙන් රුව රැකුමට

මේ දිනවද පවතින දැඩි හිරු රශ්මිය ඉතා අපහසුය. මේ දිනවල සෞඛ්‍ය සම්පන්න බව පවත්වාගැනීමට කළ හැකි දෑෑ කිහිපයකි මේ. 

 

විජලනය වළක්වා ගැනීමට

විජලනය වළක්වා ගැනීමට ලුණු ස්වල්පයක් යෙදු උණු වතුර භාවිත කිරීම. කොත්තමල්ලි තැම්බූ වතුර, සුදුරු තැම්බු වතුර වැනි ඖෂධීය පාන ලබා ගැනීම සුදුසුයි නමුත් ඔබ පිපාසය සංසිඳවා ගැනීම සඳහා කෘත්‍රිම පැණි බීම වර්ග භාවිත නොකළ යුතුය.

ජලය පානයට අමතරව ජලයෙන් පෝසත් සිසිල් ස්වාභාවික පලතුරු එළවළු වර්ග, (කොමඩු, දොඩම්, දෙහි, පැඟිරි කුලයට අයත් විටමින් සී අඩංගු පලතුරු වර්ග දෙළුම්, ගස් ලබු අලි ගැට පෙර, පිපිඤ්ඤා, නිවිති කරවිල පොල් වතුර, බෙල් පෙපර්, රතු අල ආදිය ඇතුළත් සමස්ත පෝෂණය රැකෙන ලෙස සම්බර ආහාරයක් දිනපතා ගැනීමට සුදුසු වෙයි. සිරුරේ වියළිබව තවත් වර්ධනය කරවන සැර වියළි ගැඹුරු තෙලේ බැදපු අධික ලුණු අඩංගු අධික කුළුබඩු අඩංගු වැනි ආහාර ගැනීමෙන් වළකින්න දිනපතා ගිතෙල් හෝ පොල්තෙල් ආහාරයට එකතු කර ගැනීම සුදුසුයි.

සිරුර අභ්‍යන්තරය සිසිල් කරන ක්‍රම

උණුසුම් වතුර සමග මී පැණි රට ඉඳි ආහාරයට එකතු කරගන්න

උණුසුම් එළකිරි වීදුරුවකට ගිතෙල් හැන්දක් එක් කර රාත්‍රී නින්දට පෙර බොන්න.

ආමන්ඩ් ඇට පහක් මුද්දරප්පලම් ඇට පහක් පමණ පෙර රාත්‍රියේ ඇල් වතුරට දමා පෙඟෙන්න තබා පසු දින උදෑසන හිස් බඩ ආමන්ඩ්වල පොතු ඉවත් කර ආහාරයට ගන්න

ප්‍රතිශක්තිය වර්ධනයට

අශ්වගන්ධ තේ හැඳි එකක් පොඩි කරගත් රට ඉඳි දෙකක්, උණුසුම් කිරි ස්වල්පයක් මිශ්‍ර කර උදෑසන හෝ රාත්‍රී නින්දට පෙර ආහාරයට ගන්න

සම රැකීමට

නැවුම් කෝමාරිකා ජෙලි මේස හැඳි දෙකක් මී පැණි මේස හැඳි එකක් මිශ්‍රකර සමේ ආලේප කර විනාඩි විස්සකට පසු මඳ උණුසුම් ජලයෙන් සෝදන්න නින්දට යාමට පෙර සිදුකිරීම ඉතා යෝග්‍ය වේ.

අදහස් දැක්වීම ආරුවේද  වෛද්‍ය ගයාත්‍රී කූරගොඩ 

සටහන -  මහේෂානි මීගහපොළ

Fatty Liver පාලනයට උපකාරී වන ආහාර Read Previous

Fatty Liver පාලනයට උපකාරී වන ආහාර

සුපිරි එල් නිනෝ අවදානමට  ලංකාව සූදානම්ද? Read Next

සුපිරි එල් නිනෝ අවදානමට ලංකාව සූදානම්ද?

Realted Post

Leave a comment