අවුරුදු සමයේ ක්‍රීඩා වලින් සිදුවන අනතුරු සඳහා

අවුරුදු සමයේ ක්‍රීඩා වලින් සිදුවන අනතුරු සඳහා 


ළඟ ළඟ එන සිංහල අලුත් අවුරුද්දට දැන් ඉදලම අවුරුදු ක්‍රිඩා ගම පුරා රට පුරා වරදින්නේ නැහැ. එතනදී ඉතින් බාල මහළු තරුණ වයස් භේදයකින් තොරව පුළුවන් පුළුවන් හැම කෙනාම ඕනෑම අවුරුදු ක්‍රීඩාවකට යන්න තමයි ආස කරන්නේ. ගියා වගේ නෙමේනේ ඉතින් අනතුරුත් වෙන්න පුළුවන් එතැනදී  එහෙම අනතුරක් වුණොත් ඒ සඳහා ගත හැකි ප්‍රථමාධාර පියවරවල් සම්බන්ධව තමයි මේ ඔබට ගෙන එන්නේ. 

01. උළුක්කු වීම. 

Rest.

විවේකය ලබා දෙන්න.


Iced.

එම ස්ථානය සිසිල් කරන්න.

Compress.

පහසුවක් ඇතිවීමට වෙළුම් පටියක් යොදන්න.

Elevate.

ඔසවා තබන්න.

මෙම ක්‍රියාවන් එකවර සිදු කරන්න. 

මෙම තත්ත්වය දින එකහමාරකට වඩා පවතිනවා නම් 

වේදනාව ,   ඉදිමුම ,පැහැය වෙනස් වීමක් වැනි ලක්ෂණ තවදුරටත් පවතිනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම කළ යුතුයි.


02. වැටීම් / සීරීම්.

තුවාලයෙන් රුධිරය පිට වේ නම් එය තරමක් සුළුවෙන් පිටවෙන්න ඉඩ හරින්න. එලෙස සිදු කිරීමෙන් රුධිරය සමග විෂබීජ ද්‍රව්‍ය ඉවත් වීම සිදුවේ.රුධිරය ගැලීම වැඩියි නම් එය වැළැක්වීම සඳහා සෘජු තෙරපුමක් ලබාදෙන ගමන් තුවාලය වූ ස්ථානය ඉහළට ඔසවන්න. රුධිර වහනය වේගවත් නම්  වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරවන්න. ලබා දුන් තෙරපුමෙන් රුධිර වහනය විනාඩ් 10 කාලයක් තුළ නතර වේ නම් 


තුවාලය හොඳින් සබන් ගා ගලායන වතුරෙන් සෝදන්න. නමුත් පිරිමදින්න යන්න එපා. 

වියළි පිරිසිදු රෙදි කැබැල්ලකින්  හෝ ගෝස් කැබැල්ලකින් එම ස්ථානය හොඳින තෙත මාත්තු කර වියළා ගන්න.

වියළුණු පසු  තුවාලය මතට ප්‍රතිජීවක  ඖෂධ වර්ග යොදා  ගෝස් කෑල්ලකින් හොඳින් තුවාලය ආවරණය කරන්න. 

ඒ වගේම තවදුරටත් රුධිරය වහනය වීමක් සිදුවෙනවා දැන් නිරීක්ෂණය කර බලන්න.

03. හිසට පහරක් වැදීම. 

රෝගියාව ආරක්ෂිත නිදහස් ස්ථානයකට ගෙන යන්න. 

වමනය , සිහි මදිවීම, කැරකැවිල්ල , තැලීම්, ගෙඩි ගැසීම් වැනි රෝග ලක්ෂණ පෙන්වනවා දැයි  හොඳින් නිරීක්ෂණය සිදු කරන්න.

අයිස් කැට කිහිපයක් හෝ අයිස් බෑගයක් ගෙන රෙදි කැබැල්ලක ඔතා තැල්ම තියෙන ස්ථානයේ තබන්න.(නමුත් ඍජුව අයිස් කැට පමණක් භාවිත කරන්න එපා) 
සත්කාරය විනාඩි 15 සිදු කරන්න. ඒ වගේම පැය 02 වාරයක් නැවත සිදු කරන්න.
නමුත් උණුසුම් දේවල් වලින් තැවීම,  සම්භාහනය සිදු නොකරන්න.

මේ සියලු අවස්ථා වලදී රෝගියාගේ තත්වය පරීක්ෂා කර බලා අවශ්‍ය  නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර වන්න.

සටහන

මහේෂානි මීගහපොල

උපදෙස්

ශ්‍රී ලංකා ජාතික රෝහලේ ශල්‍ය අංශයේ සේවයේ නියුතු හෙද නිලධාරීනි උත්පලා සුගන්ධී

අවුරුදු සමයට ගැලපෙන විලාසිතා Read Previous

අවුරුදු සමයට ගැලපෙන විලාසිතා

අවුරුදු සමයට ගැලපෙන විලාසිතා Read Next

අවුරුදු සමයට ගැලපෙන විලාසිතා

Realted Post

Leave a comment