ඔබත් මෙය ඇසුවා ද? මේ දිනවල දරුවන් අතර පැතිරී යනවා යැයි පැවසෙන රෝගය පිළිබඳ ඇත්ත නැත්ත මෙන්න.....

පාසල් දරුවන් අතර හොරි වැනි බෝවන රෝග විශේෂයක් පැතිරී  යන බවට ප‍්‍රවෘත්තියක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස සංසරණය වෙමින් පවතී. අතෙහි දිය බුබුළු වර්ධනය වෙමින් එය වකුගඩු දක්වා බල පෑ හැකි බව එහිදී වාර්තා වූ අතර එවැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම රිජ්වේ ළමා රෝහලට රැගෙන යන ලෙස ද සඳහන් විය.

මේ පිළිබඳව රිජ්වේ ළමා ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතාගෙන් අප විමසූ විට ඔහු පවසා සිටියේ එම රෝග ලක්ෂණ සහිත විශේෂ රෝගීන් මේ වන විට ළමා රෝහලේදී ඔහුට හමු වී නොමැති බවයි. එහෙත් ඔහු තවදුරටත් පවසා සිටියේ කලින් කලට 'Foot and mouth Diseases'  නම් රෝගී තත්ත්වයක් නම් පැතිරී යන බවය. වළලු කර, දණඉස, වැලමිට හා මුඛය ආශ්‍රිතව කුඩා වතුර බිබිලි හෝ රතු පැහැති බිබිලි හට ගැනීීම මෙම රෝගයේ ලක්ෂණයකි. කුඩා  දරුවන් අතර පැතිරෙන රෝගී තත්ත්වයක් වන මෙය බරපතළ නොවන, සුව කළ හැකි රෝගී තත්ත්වයක් වන බවද ඔහු පැවසීය. ඒ අනුව මෙය පැතිරී යාමේ අවදානමක් සහිත බරපතළ රෝගී තත්ත්වයක් නොවූවත් යම් හෙයකින් ඔබේ දරුවා මෙවැනි රෝග ලක්ෂණයන්ගෙන් යුක්ත වේ නම් වහාම ළඟම ඇති රජයේ රෝහලට වෙත රැගෙන යාම වඩාත් සුදුසුය.

සටහන - නෙත්මි තෂාරා 

 

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය Read Previous

වතු කම්කරුවන්ට වසර 25කට පසු සාධාරණය

“මට මේක පුළුවන්” කියන කාන්තාවක් වෙන්න Read Next

“මට මේක පුළුවන්” කියන කාන්තාවක් වෙන්න

Realted Post

Leave a comment