ගර්භිණී කාලයේදී දෙපා වේදනාවට සහ කෙණ්ඩ පෙරළීම වළක්වා ගැනීමට උපදෙස්

ගර්භිණී කාලයේදී දෙපා වේදනාව වගේම කෙණ්ඩ පෙරළීම නිතර  ඇතිවන අපහසුතාවයකි. 
එය සාමාන්‍ය කෙනෙකුට වඩා මේ කාලයේදී දැනෙන අපහසුව මෙන්ම  වේදනාවද තරමක් වැඩියි.
මේ කියන්න හදන්නේ එවැනි අවස්ථාවකදී ඔබට නිවසේදී කළ හැකි ප්‍රථමාධාර  Tips  කිහිපයක් ගැනයි,

මේ සඳහා හේතු.

ගර්භිණී කාලයේදී කෙණ්ඩ පෙරළීම වගේම දෙපා වේදනාවට ප්‍රධාන හේතු ලෙස ,

  • ස්නායු, රුධිර නාලවල පීඩනය වැඩිවීම .
  • විජලනය .
  • ඛනිජ අසමලිතාවය(මැග්නීසියම්/පොටෑසියම්).

මෙවැනි හේතු බලපායි. 


මේ තත්ත්වය අඩු කර ගැනීමට කළ හැකි උපක්‍රම. 


පාද දිගහැරීම. 

මාංශ පේශී මෘදු ලෙස තබා ගැනීම සඳහා මේ ක්‍රියාව උපකාරී වේ.

පාදවලට මෘදු සම්භාහනයක් ලබාදීම. 

ඒ හරහා රුධිර සංසරණය වේගවත් වී  මාංශ පේශීන් තවදුරටත් සැහැල්ලුවේ.

තවදුරටත් ඔබේ මාංශ පේශී ලිහිල් කර ගැනීම සඳහා උණුසුම් තාපනය බෑග් එකක් භාවිතය. 

හොඳින් වතුර පානය කිරීම. 

ඔබ මේ කාලයේදී මේ සඳහා ඖෂධ හෝ වෙනත් අත් බෙහෙත් භාවිත කරනවා නම් ඒ පිළිබඳවද සැලකිලිමත් යුතුයි.

 
එහිදී  ඖෂධ වගේම ආයුර්වේද ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් මත සිදුකිරීම යෝග්‍යයි. 
විශේෂයෙන් මැග්නීසියම්, පොටෑසියම් වැනි ඖෂධ අතිරේක මේ කාලයේදී අධිකව ලබා ගැනීම අහිතකර විය හැක.

මේ ගැනත් සැලකිලිමත් වෙන්න. 

ඔබට පාද වේදනාව දරුණුයි නම්  සහ නිතර නිතර වේදනාව පවතිනවා නම් , පාද රත් පැහැගෙන ඇත්නම් , පාදවල උණුසුම්භාවය වැඩි නම් , පාදවල ඉදිමුම ස්වභාවය වෙනදාට වඩා වැඩි නම් ,
 වෛද්‍යවරයකු වෙත යොමුවීම අත්‍යාවශ්‍ය වේ.

 

සටහන- මහේෂානි මීගහපොල.

අදහස් දැක්වීම_
බුද්ධිනී සෙනෙවිරත්න. 
දැඩි සත්කාර ඒකක පුහුණු හෙද නිලධාරීනි.
ද සොයිසා කාන්තා රෝහල කොළඹ. 

මේ සෙට් එක එකතු වුනා කියන්නේ ඉතින් ආයේ අහන්න දෙයක් නැහැ, හිනා වෙලා බඩවල් රිදෙයි Read Previous

මේ සෙට් එක එකතු වුනා කියන්නේ ඉතින් ආයේ අහන්න දෙයක් නැහැ, හිනා වෙලා බඩවල් රිදෙයි

නිරොගී වයස්ගත් වීමකට යෝග Read Next

නිරොගී වයස්ගත් වීමකට යෝග

Realted Post

Leave a comment